Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 26:32 - Sinhala Revised Old Version

32 බලවන්තයෝව පිය වංශවල ප්‍රධානියෝව සිටි ඔහුගේ සහෝදරයෝ දෙදාස් හත්සියයක් වූහ; දාවිත් රජ ඔවුන් දෙවියන්වහන්සේගෙත් රජුගෙත් සියලු කාරණා ගැන රූබෙන්වරුන්ද ගාද්වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද කෙරෙහි මුලාදෑනීන් කොට පත්කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 බලවන්තයන් ව පිය වංශවල ප්‍රධානියන් ව සිටි ඔහුගේ සහෝදරයෝ දෙදාස් සත්සියයක් වූ හ. දාවිත් රජ දෙවියන් වහන්සේ හා රජු සම්බන්ධ සියල්ල ගැන රූබන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද කෙරෙහි මුලාදෑනීන් කොට ඔවුන් පත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 බලවන්තයන් ව පිය වංශවල ප්‍රධානියන් ව සිටි ඔහුගේ සහෝදරයෝ දෙදාස් සත්සියයක් වූ හ. දාවිත් රජ දෙවියන් වහන්සේ හා රජු සම්බන්ධ සියල්ල ගැන රූබන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද කෙරෙහි මුලාදෑනීන් කොට ඔවුන් පත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 26:32
7 හුවමාරු යොමු  

මෙන්න, ස්වාමීන්වහන්සේගේ සියලු කාරණා ගැන උත්තම පූජකවූ අමරියාද රජුගේ සියලු කාරණා ගැන යූදා වංශයේ අධිපතියාවූ ඉෂ්මායෙල්ගේ පුත්‍රවූ සෙබදියාද නුඹලාගේ ප්‍රධානියෝය. ලෙවීවරුද නුඹලා ඉදිරියෙහි මුලාදෑනීහු වෙති. ධෛර්යවත්ව ක්‍රියාකරන්න, ස්වාමීන්වහන්සේ යහපතුන් සමඟ වනසේක්වයි කීවේය.


ඔව්හුද තමුන්ගේ සහෝදරයන් වන ආරොන්ගේ පුත්‍රයන් මෙන්ම දාවිත් රජුද ශාදොක්ද අහිමෙලෙක්ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන්ද ඉදිරියෙහි පසඇට දැමුවෝය; පිය වංශවල ප්‍රධානියා තමාගේ බාල සහෝදරයා මෙන්ම පසඇට දැමුවේය.


ඔව්හු තමුන්ගේ පිය පෙළපත්වල හැටියට, පිය පෙළපත්වල ප්‍රධානියෝ වන විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට එක්කෙනෙක් එක්කෙනෙක් පාසා නම් වශයෙන් ගණන්කරනලද්දාවූ, ස්වාමීන්වහන්සේගේ ගෘහ සේවයේ වැඩේ කළාවූ ලෙවීගේ පුත්‍රයෝය.


නුඹලා ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝය. නුඹලාත් නුඹලාගේ සහෝදරයොත් පිරිසිදුවී, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය මා විසින් ඊට පිළියෙළකර තිබෙන ස්ථානයට ගෙනෙන්න.


යොර්දානෙන් එගොඩ රූබෙන්වරුන්ගෙන්ද ගාද්වරුන්ගෙන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන්ද සටනට සියලු ආකාර යුද්ධායුධ ඇති අය එක්ලක්ෂ විසිදහසක්ය.


අවුරුද්දේ සියලු මාසවල මාසයෙන් මාසයට ඇතුළට ආවාවූද, පිටතට ගියාවූද, පංක්තිවල සියලු කාරණා ගැන රජුට සේවයකළාවූද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය වංශවල ප්‍රධානීන්ගෙත් සහස්‍රාධිපතීන්ගෙත් ශතාධිපතීන්ගෙත් ඔවුන්ගේ මුලාදෑනීන්ගෙත් ගණන නම් එක එක පංක්තියට විසිහතර දහසක්ය.


යෝෂුවා රූබෙන්වරුන්ටද ගාද්වරුන්ටද මනස්සේගේ අර්ධ ගෝත්‍රයටද කථාකොට:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්