Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 26:1 - Sinhala Revised Old Version

1 දොරටුපාලයන්ගේ පංක්ති මෙසේය. කොරාවරුන්ගෙන් ආසාප්ගේ පුත්‍රයෙක් වන කෝරේගේ පුත්‍රවූ මෙෂෙලෙමියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 දොරටු පාලකයන්ගේ පංති මෙසේ ය: කෝරාවරුන්ගෙන් ආසාප්ගේ පුත්‍රයෙකු වන කෝරේගේ පුත් මෙෂෙලෙමියා ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 දොරටු පාලකයන්ගේ කාණ්ඩ මෙසේ ය: කෝරාවරුන්ගෙන් ආසාප්ගේ පුත්‍රයෙකු වන කෝරේගේ පුත් මෙෂෙලෙමියා ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 26:1
15 හුවමාරු යොමු  

සියලු මනුෂ්‍ය වර්ගයෙනි, මේ අසව්; උත්තමාධම


දෙවියන්වහන්ස, පුරාණ කාලය වන, අපේ පියවරුන්ගේ දවස්වලදී, ඔබ කළ ක්‍රියා අපේ කනින් ඇසීමුව, අපේ පියවරු අපට කීවෝය.


යම් හෙයකින් අපවිත්‍ර කිසිවෙක් ඇතුල් නොවන පිණිස ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරකඩවල දොරටුපාලයන් සිටෙවුවේය.


ඔවුන් සමඟ දොරටුපාලයන් කොට තමුන්ගේ බාල සහෝදරයන් වන සෙකරියාද බෙන්ද යයසීයෙල්ද ෂෙමිරාමොත්ද යෙහීයෙල්ද උන්නිදි එලියාබ්ද බෙනායාද මයසේයාද මත්තිතියාද එලීපෙලේහුද මික්නේයාද ඕබෙද්-ඒදොම්ද යෙයියෙල්ද පත්කළෝය.


ඔහු තහත්ගේ පුත්‍රයාය, ඔහු අස්සීර්ගේ පුත්‍රයාය, ඔහු එබියාසාප්ගේ පුත්‍රයාය, ඔහු කෝරාගේ පුත්‍රයාය;


විසිහතරවෙනි එක රොමම්තී-එසෙර්ද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය.


මෙෂෙලෙමියාගේ පුත්‍රයෝ වන කුලුඳුලාවූ ශෙකරියාය, දෙවෙනියාවූ යෙදියායෙල්ය, තුන්වෙනියාවූ සෙබදියාය, හතරවෙනියාවූ යත්නියෙල්ය;


තවද ඔහු තමාගේ පියවූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක පංක්ති ඔවුන්ගේ සේවයටද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවයකිරීමත් ප්‍රශංසාකිරීමත් යන ඔවුන්ට භාරවූ වැඩටද දොරටුපාලයන් ඔවුන්ගේ පංක්තිවල හැටියට එක එක දොරටුවටද නියමකෙළේය. මක්නිසාද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ දාවිත් මෙසේ අණකර තිබුණේය.


එහෙත් ඔව්හු මාගේ ශුද්ධස්ථානයෙහි සේවකයෝව ගෘහයේ දොරටුවල රැකවල්ලුව ගෘහයේ සේවකයෝව සිටින්නාහුය. ඔවුන් වනාහි දවන පූජාව සහ යාගය සෙනඟට මරාදෙනවා ඇත, ඔවුන්ට සේවයකිරීමටද ඔවුන් ඉදිරියෙහි සිටිනවා ඇත.


ලෙවීවරුනම්: මෙරාරීගේ පුත්‍රයන්ගෙන් හෂබියාගේ පුත්‍රයා වන අස්රිකාම්ගේ පුත්‍රවූ හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායාය;


හාරදහසක් දොරටුපාලයෝය; හාරදහසක් වනාහි: ප්‍රශංසාකිරීමට මම සෑදුවෙමියි දාවිත් කී තූර්යභාණ්ඩවලින් ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්නෝව සිටියෝය.


මෙෂෙලෙමියාට බලවන්තයන් වන පුත්‍රයන්ද සහෝදරයන්ද දහඅටදෙනෙක් වූවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්