Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 25:7 - Sinhala Revised Old Version

7 ස්වාමීන්වහන්සේට ගීතිකාකිරීම ගැන ඉගෙනගෙන දැනගැන්ම ඇතුව සිටි ඔවුන්ගේ සියලු සහෝදරයන් ඇතුළුව ඔවුන්ගේ ගණන වනාහි දෙසිය අසූ අටදෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 සමිඳාණන් වහන්සේට ගැයීම ගැන ඉගෙනගෙන, දැනගැන්ම ඇති ව සිටි ඔවුන්ගේ සියලු සහෝදරයන් ඇතුළු ව ඔවුන්ගේ ගණන දෙසිය අසූඅටදෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 සමිඳාණන් වහන්සේට ගැයීම ගැන ඉගෙනගෙන, දැනගැන්ම ඇති ව සිටි ඔවුන්ගේ සියලු සහෝදරයන් ඇතුළු ව ඔවුන්ගේ ගණන දෙසිය අසූඅටදෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 25:7
3 හුවමාරු යොමු  

ඔවුන් සමඟ හේමාන්ද යෙදූතුන්ද නියමකරනු ලැබුයේ නළාවලිනුත් අත්තල්වලිනුත් දෙවියන්වහන්සේට ගීතිකා සඳහා තූර්ය භාණ්ඩවලිනුත් ශබ්දකිරීමටය. යෙදූතුන්ගේ පුත්‍රයන්ද දොරටුපාලයන් කොට පත්කෙළේය.


හාරදහසක් දොරටුපාලයෝය; හාරදහසක් වනාහි: ප්‍රශංසාකිරීමට මම සෑදුවෙමියි දාවිත් කී තූර්යභාණ්ඩවලින් ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්නෝව සිටියෝය.


ඒ මනුෂ්‍යයෝ විශ්වාසලෙස වැඩකළෝය. වැඩ බලා කරවීමට ඔවුන් කෙරෙහි මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ලෙවීවරුවූ යහත්ද ඔබදියාද කොහාත්ගේ පුත්‍රයන්ගෙන් සෙකරියාද මෙෂුල්ලාම්ද පත්වී සිටියෝය. ලෙවීවරු සියල්ලෝම තූර්ය භාණ්ඩ ගැන තේරුම් ඇති අය වූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්