Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 25:5 - Sinhala Revised Old Version

5 ඔවුන් සියල්ලෝ දෙවියන්වහන්සේගේ කාරණා ගැන රජුගේ දර්ශනකාරයාව සිටියාවූ, හොරණෑවෙන් නාදකළාවූ හේමාන්ගේ පුත්‍රයෝය. දෙවියන්වහන්සේ හේමාන්ට පුත්‍රයන් දහහතරදෙනෙකුත් දූවරුන් තුන්දෙනෙකුත් දුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ඔව්හු සියල්ලෝ දෙවියන් වහන්සේ කළ දේ ගැන රජුගේ දර්ශකයා ව සිටි, හොරණෑවෙන් නාද කළා වූ හේමන්ගේ පුත්‍රයෝ ය. දෙවියන් වහන්සේ හේමන්ට පුත්‍රයන් දහහතරදෙනෙකු ද දූවරුන් තුන්දෙනෙකු ද දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඔව්හු සියල්ලෝ දෙවියන් වහන්සේ කළ දේ ගැන රජුගේ දර්ශකයා ව සිටි, හොරණෑවෙන් නාද කළා වූ හේමන්ගේ පුත්‍රයෝ ය. දෙවියන් වහන්සේ හේමන්ට පුත්‍රයන් දහහතරදෙනෙකු ද දූවරුන් තුන්දෙනෙකු ද දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 25:5
9 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ දාවිත්ගේ දර්ශනකාරයාවූ ගාද්ට කථාකොට:


බලව, මමද ස්වාමීන්වහන්සේ මට දුන් දරුවෝද සියොන් කන්දෙහි වසන සේනාවල ස්වාමීන්වහන්සේ කෙරෙන් ඉශ්‍රායෙල්ට ලකුණුද පුදුමද පිණිස සිටිමුව.


බලව, දරුවෝ ස්වාමීන්වහන්සේ දෙන උරුමයක්ය. කුසේ ඵලයද උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක්ය.


ස්වාමීන්වහන්සේ මට බොහෝ පුත්‍රයන් දුන්සේක; නුමුත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ස්වාමීන්වහන්සේගේ රජකම්කිරීමේ සිංහාසනයේ හිඳින පිණිස මාගේ සියලු පුත්‍රයන් අතරෙන් මාගේ පුත්‍රවූ සාලමොන් තෝරාගත්සේක.


දාවිත් උදයේ නැගුටුණු කල දාවිත්ගේ දර්ශකයා වන ගාද් ප්‍රොපේතවරයා වෙතට ස්වාමීන්වහන්සේගේ වචනය පැමිණ:


(පෙර කාලයේදී ඉශ්‍රායෙල්හි මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගෙන් විචාරන්ට යන විට: දිවස් ඇත්තා ළඟට යමුයයි කියන්නේය. මක්නිසාද දැන් අනාගතවක්තෘය කියන තැනැත්තාට පෙර කාලයේදී දිවස් ඇත්තායයි කීවෝය.)


ඒසව් ඇස් ඔසවා ස්ත්‍රීන් හා දරුවන් දැක: නුඹ සමඟ සිටින මොව්හු කවුරුදැයි ඇසුවේය. දෙවියන්වහන්සේ කරුණාවෙන් ඔබගේ මෙහෙකරුවාට දුන් දරුවෝයයි ඔහු කීවේය.


හේමාන්ගේ පුත්‍රයෝවූ බුක්කියා, මත්තනියා, උස්සීයෙල්, ෂෙබූයෙල්, යෙරීමොත් හනනියා, හනානි, එලියාතා, ගිද්දල්තී, රොමම්තී-එසෙර්, යොෂ්බෙකාෂා, මල්ලෝතී, හෝතීර් සහ මහසියොත්ය.


ආසාප්ගේ පුත්‍රයෝවූ ගීතිකාකාරයෝද දාවිත්ගෙත් ආසාප්ගෙත් හේමාන්ගෙත් රජුගේ දිවස් ඇත්තාවූ යෙදූතුන්ගෙත් ආඥාවේ ප්‍රකාරයට තමුන්ගේ ස්ථානයෙහි සිටියෝය; දොරටුපාලයෝ එක එක දොරටුවෙහි සිටියෝය. තමුන්ගේ සේවයෙන් අහක්ව යන්ට ඔවුන්ට ඕනෑකළේ නැත, මක්නිසාද ඔවුන්ගේ සහෝදරවූ ලෙවීවරු ඔවුන් උදෙසා පිළියෙළකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්