Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 25:1 - Sinhala Revised Old Version

1 තවද දාවිත්ද සේනාවේ අධිපතියෝද ආසාප්ගෙත් හේමාන්ගෙත් යෙදූතුන්ගෙත් පුත්‍රයන්ගෙන් වීණා හා කුඩා වීණාවලින්ද අත්තල්වලින්ද ගායනාකරන තැනැත්තන් සේවයට වෙන්කළෝය. තමුන්ගේ සේවයේ වැඩය කළාවූ ඒ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 දාවිත් ද සේනාවේ අධිපතියෝ ද ආසාප්ගේත්, හේමන්ගේත්, ජෙදුතුන්ගේත් පුත්‍රයන්ගෙන් වීණා හා කුඩා වීණා ද අත්තල් ද නාද කොට ගායනා කරමින්, දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීමේ සේවය සඳහා තැනැත්තන් වෙන් කර තැබී ය. තමන්ගේ සේවයේ වැඩය කළා වූ ඒ මනුෂ්‍යයන්ගේ නාම ලේඛනය මෙසේ ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 දාවිත් ද සේනාවේ අධිපතියෝ ද ආසාප්ගේත්, හේමන්ගේත්, ජෙදුතුන්ගේත් පුත්‍රයන්ගෙන් වීණා හා කුඩා වීණා ද අත්තල් ද නාද කොට ගායනා කරමින්, දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීමේ සේවය සඳහා තැනැත්තන් වෙන් කර තැබී ය. තමන්ගේ සේවයේ වැඩය කළා වූ ඒ මනුෂ්‍යයන්ගේ නාම ලේඛනය මෙසේ ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 25:1
46 හුවමාරු යොමු  

එසේ සිටි අය සහ ඔවුන්ගේ පුත්‍රයෝ මොව්හුය: කොහාත් පුත්‍රයන්ගෙන් ගායනාකාර හේමාන්ය. ඔහු යෝවෙල්ගේ පුත්‍රයාය, ඔහු සාමුවෙල්ගේ පුත්‍රයාය;


දැන් ඉතින් වීණාකාරයෙකු මා ළඟට ගෙනෙන්නැයි කීවේය. වීණාකාරයා ගායනා කරද්දී ස්වාමීන්වහන්සේගේ හස්තය එලිෂා පිටට පැමිණියේය.


ඊට පසුව නුඹ පිලිස්තිවරුන්ගේ මුර සමුදාව සිටින දෙවියන්වහන්සේගේ කන්දට පැමිණෙන්නෙහිය. නුඹ එහි නුවරට ඇතුල්වෙන විට ප්‍රොපේත කණ්ඩායමක් තමුන්ට පෙරටුව වීණාවක්ද රබානක් ද නලාවක්ද කුඩා වීණාවක්ද ඇතුව ධර්මවාක්‍ය පවසමින් උස් තැනින් බැස එනවා නුඹට සම්බවන්නේය.


ඔහුට දකුණෙන් සිටියාවූ ඔහුගේ සහෝදරවූ ආසාප්ය. ආසාප් බෙරෙකියාගේ පුත්‍රයාය, ඔහු ෂිමෙයාගේ පුත්‍රයාය;


යෙරුසලමේ පවුර කැපකිරීමේදී ස්තුතිකිරීමෙන්ද ගීතිකාකිරීමෙන්ද අත්තල්වලින්ද වීණාවලින්ද මහ වීණාවලින්ද ප්‍රීති සහිතව කැපකිරීමේ උත්සවය පවත්වන පිණිස ලෙවීවරුන් යෙරුසලමට ගෙනෙන්ට ඔවුන්ගේ සියලු ස්ථානවලින් ඔවුන් සොයාගත්තෝය.


ඒ මනුෂ්‍යයෝ විශ්වාසලෙස වැඩකළෝය. වැඩ බලා කරවීමට ඔවුන් කෙරෙහි මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ලෙවීවරුවූ යහත්ද ඔබදියාද කොහාත්ගේ පුත්‍රයන්ගෙන් සෙකරියාද මෙෂුල්ලාම්ද පත්වී සිටියෝය. ලෙවීවරු සියල්ලෝම තූර්ය භාණ්ඩ ගැන තේරුම් ඇති අය වූහ.


ඈ බැලූ විට ඇතුල්වෙන තැන රජ තමාගේ මංචකය උඩ සිටිනවා සහ රජු ළඟ අධිපතීන්ද නළාකාරයන්ද සිටිනවාත්, දේශයේ මුළු සෙනඟ ප්‍රීතිමත්ව හොරණෑ, පිඹිනවාත්, ගීකියන්නන්ද තූර්ය භාණ්ඩවලින් ගායනා කරන්නන්ද ප්‍රශංසා ගී කියනවාත් දැක ඇගේ ඇඳුම් ඉරාගෙන: ද්‍රෝහිකමය, ද්‍රෝහිකමයයි කීවාය.


යෙදූතුන්ගේ පුත්‍රයෝ වූ ගෙදලියාද ශෙරීද යෙෂායාද හෂබියාද මත්තිතියාද යන හදෙනාය. මොව්හු ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසාකිරීමට මහ වීණාවෙන් ගායනාකළ තමුන්ගේ පියවූ යෙදූතුන් යටතේ සිටියෝය.


ගීතිකා පටන්ගෙන, රබානත් මිහිරි වීණාව සහ කුඩා වීණාවත් ගෙනෙව්.


ලෙවීවරුන්ගේ ප්‍රධානියන්වූ හෂබියා, ෂේරෙබියා සහ කද්මීයෙල්ගේ පුත්‍රවූ යේෂුවාද තමුන්ගේ සහෝදරයන් ඉදිරිපිට ඇතුව දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ දාවිත්ගේ අණ ලෙස ස්තුති ප්‍රශංසා කිරීමට මාරුවෙන් මාරුවට සිටියෝය.


හෙසකියා දවන පූජා සහ ශාන්ති පූජා ඔප්පුකරන්ටත් ස්වාමීන්වහන්සේගේ කඳවුරේ දොරටුවල සේවය කරන්ටත් ස්තුති ප්‍රශංසා කරන්ටත් පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත් පංක්තිවල ප්‍රකාරයට පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද එකිනෙකාගේ සේවයේ හැටියට ඔවුන්ගේ පංක්ති නියමකෙළේය.


යෙහෝයාදා පූජකයා දෙවියන්වහන්සේගේ ගෘහයෙහි තිබුණු දාවිත් රජුගේ හෙල්ල සහ පලිස්ද මහ පලිස්ද ශතාධිපතීන්ටදී,


සත්වෙනි අවුරුද්දේදී යෙහෝයාදා ධෛර්ය උපදවාගන, ශතාධිපතීන් වන යෙරොහාම්ගේ පුත්‍රවූ අසරියාද යෙහෝහානාන්ගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ද ඕබෙද්ගේ පුත්‍රවූ අසරියාද අදායාගේ පුත්‍රවූ මයසේයාද සික්රීගේ පුත්‍රවූ එලීෂාපාට්ද ගිවිසුමකින් බැඳ ගත්තේය.


ඔහු ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු අධිපතීන්ද පූජකයන්ද ලෙවීවරුන්ද රැස්කෙළේය.


බලවන්ත යෞවනයෙක්වූ ශාදොක් සහ ඔහුගේ පිය වංශයේ අධිපතිවරු විසිදෙදෙනෙක්ය.


ඔවුන්ගේ සහෝදරයෝ වන මෙරාරීගේ පුත්‍රයෝ වමෙන් සිටියෝය. එනම්: ඒතාන්ය. ඔහු කීෂ්ගේ පුත්‍රයාය, ඔහු අබ්දීගේ පුත්‍රයාය, ඔහු මල්ලූක්ගේ පුත්‍රයාය;


මොව්හු ගීතිකාකාරයෝව, ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව, ඇතුල් ගෙවල වාසයකළෝය, රෑ දාවල් සේවයේ යෙදී සිටි නිසා මොව්හු අනික් මෙහෙවලින් නිදහස්ව සිටියෝය.


ආසාප්ගේ පුත්‍රයන්ගෙන් සක්කූර්ද යෝසෙප්ද නෙතනියාද අෂරේලාද යන ආසාප්ගේ පුත්‍රයෝය; මොව්හු රජුගේ අණ ලෙස ධර්මවාක්‍ය ගායනාකළාවූ ආසාප් යටතේ සිටියෝය.


ආසාප්ද හේමාන්ද යෙදුතුන්ද ඔවුන්ගේ පුත්‍රයෝද සහෝදරයෝද යන ගීතිකාකාරයෝවූ ලෙවීවරු සියල්ලෝම සිහින් හණ සළු හැඳ, අත්තල්ද වීණාද මහ වීණාද ඇතුව, පූජාසනයට පෙර දිගින් සිටියෝය, ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් නළා පිඹිමින් සිටියෝය.)


තවද ඔහු තමාගේ පියවූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක පංක්ති ඔවුන්ගේ සේවයටද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවයකිරීමත් ප්‍රශංසාකිරීමත් යන ඔවුන්ට භාරවූ වැඩටද දොරටුපාලයන් ඔවුන්ගේ පංක්තිවල හැටියට එක එක දොරටුවටද නියමකෙළේය. මක්නිසාද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ දාවිත් මෙසේ අණකර තිබුණේය.


තවද දාවිත්ගේ නියමයේ ප්‍රකාරයට ප්‍රීතියද ගීකීමද ඇතුව ස්වාමීන්වහන්සේගේ දවන පූජා මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ලෙස ඔප්පුකිරීමට, යෙහෝයාදා ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙයවල් දාවිත් විසින් ස්වාමීන්වහන්සේගේ ගෘහය කෙරෙහි බෙදා නියමකළ ලෙවීවරුන්වූ පූජකයන් අතට භාරකෙළේය.


ආසාප්ගේ පුත්‍රයෝවූ ගීතිකාකාරයෝද දාවිත්ගෙත් ආසාප්ගෙත් හේමාන්ගෙත් රජුගේ දිවස් ඇත්තාවූ යෙදූතුන්ගෙත් ආඥාවේ ප්‍රකාරයට තමුන්ගේ ස්ථානයෙහි සිටියෝය; දොරටුපාලයෝ එක එක දොරටුවෙහි සිටියෝය. තමුන්ගේ සේවයෙන් අහක්ව යන්ට ඔවුන්ට ඕනෑකළේ නැත, මක්නිසාද ඔවුන්ගේ සහෝදරවූ ලෙවීවරු ඔවුන් උදෙසා පිළියෙළකළෝය.


ඇතුල් දොරටුවට පිටතින් උතුරු දිග දොර ළඟ ඇතුල් මළුවේ ගී කියන්නන්ගේ කාමර තිබුණේය; ඒවා දකුණු දෙසට තිබුණේය. පෙරදිග දොර ළඟ එකක් උතුරු දිගට තිබුණේය.


රජ ඒ හඳුන් ලීවලින් ස්වාමීන්වහන්සේගේ ගෘහයටත් රජුගේ ගෙටත් කණු සහ ගායනාකාරයන්ට වීණාද කුඩා වීණාද සෑදෙවුවේය. ඒ ආකාර හඳුන් ලී අද දවස දක්වා තවත් ගෙනාවේවත් දකින්ට ලැබුණේවත් නැත.


ලෙවීගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොම්, කොහාත් සහ මෙරාරීය.


දාවිත්ද සියලු ඉශ්‍රායෙල්වරුද ගීතිකාවලිනුත් වීණාවලිනුත් කුඩා වීණාවලිනුත් රබන්වලිනුත් අත්තල්වලිනුත් නළාවලිනුත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් ගායනාකළෝය.


මෙසේ සියලු ඉශ්‍රායෙල්වරු ඔල්වර හඬත් හොරණෑ-ශබ්දයත් ඇතුව, නළාවලිනුත් අත්තල්වලිනුත් වීණාවලිනුත් මහ වීණාවලිනුත් ශබ්ද පවත්වමින්, ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනාවෝය.


පළමුවෙනි කොටස වැටුණේ ආසාප්ට අයිති යෝසෙප්ටය. දෙවෙනි එක ගෙදලියාද ඔහුද ඔහුගේ සහෝදරයන්ද පුත්‍රයන්ද යන දොළොස් දෙනෙකුටය.


එලිශාපාන්ගේ පුත්‍රයන්ගෙන් ෂිම්රීද යෙවූයෙල්ද ආසාප්ගේ පුත්‍රයන්ගෙන් සෙකරියාද මත්තනියාද;


හේමාන්ගේ පුත්‍රයන්ගෙන් යෙහූවෙල්ද ෂිමෙයිද; යෙදූතුන්ගේ පුත්‍රයන්ගෙන් ෂෙමායාද උස්සීයෙල්ද යන ලෙවීවරු නැගිට,


ගීතිකාකාරයෝවූ ආසාප්ගේ පුත්‍රයෝ එකසිය විසිඅට දෙනෙක්ය.


මෝසෙස්ගේ පොතේ ලියා තිබෙන ප්‍රකාරයට ඔව්හු පූජකයන් ඔවුන්ගේ කොට්ඨාසවල හැටියටත් ලෙවීවරුන් ඔවුන්ගේ පංක්තිවල හැටියටත් යෙරුසලමෙහි දෙවියන්වහන්සේගේ මෙහෙය පිණිස පත්කළෝය.


යාච්ඤාවේදී ස්තුතිදීම පටන්ගැනීමට ප්‍රධානියාව සිටියාවූ ආසාප්ගේ පුත්‍රයා වන සබ්දීගේ පුත්‍රවූ මීකාගේ පුත්‍රයා වන මත්තනියාද, ඔහුගේ සහෝදරයන් අතරේ දෙවෙනියාවූ බක්බුකියාද, යෙදූතුන්ගේ පුත්‍රවූ ගාලාල්ගේ පුත්‍රයා වන ෂම්මුවාගේ පුත්‍රවූ අබ්දාද යන මොව්හුය.


අමාවක දවසේදීද පුරා හඳ දවසේදීද අපේ මහා මංගල්‍ය දවසේදීද හොරණෑව පිඹිව්.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්