Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 24:6 - Sinhala Revised Old Version

6 ලෙවීයයෙක්වූ නෙතනේල්ගේ පුත්‍රවූ ෂෙමායා නම් ලේකම් රජුද අධිපතීන්ද ශාදොක් පූජකයාද අබියාතර්ගේ පුත්‍රවූ අහීමෙලෙක්ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන්ද ඉදිරියෙහි ඔවුන්ගේ නාම ලියුවේය. එලෙයාසර්ට එක පිය වංශයක්ද ඊතාමාර්ට එක පිය වංශයක්ද බැගින් ගන්නාලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ලෙවී ජාතික වූ නෙතනේල්ගේ පුත් ෂෙමායා නම් ලේකම්, රජු ද අධිපතීන් ද ශාදොක් පූජකයා ද අබියාතර්ගේ පුත් අහිමෙලෙක් ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන් ද ඉදිරියෙහි ඔවුන්ගේ නාම වාර්තාගත කෙළේ ය. එලෙයාසර්ට එක පිය වංශයක් ද ඊතාමාර්ට එක පිය වංශයක් ද බැගින් පස ඇට දමා තෝරාගන්නා ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ලෙවී ජාතික වූ නෙතනේල්ගේ පුත් ෂෙමායා නම් ලේකම්, රජු ද අධිපතීන් ද ශාදොක් පූජකයා ද අබියාතර්ගේ පුත් අහිමෙලෙක් ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන් ද ඉදිරියෙහි ඔවුන්ගේ නාම වාර්තාගත කෙළේ ය. එලෙයාසර්ට එක පිය වංශයක් ද ඊතාමාර්ට එක පිය වංශයක් ද බැගින් පස ඇට දමා තෝරාගන්නා ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 24:6
12 හුවමාරු යොමු  

අහිතූබ්ගේ පුත්‍රවූ ශාදොක් සහ අබියාතර්ගේ පුත්‍රවූ අබිමෙලෙක් පූජකයෝව සිටියෝය; ෂව්ෂා ලේකම්ව සිටියේය.


එවිට උන්වහන්සේ ඔවුන්ට කථාකොට: එහෙයින් ස්වර්ග රාජ්‍යය සඳහා ගෝලයෙක්වී සිටින යම් ලියන්නෙක් ඇද්ද, ඔහු තමාගේ ගබඩාවෙන් අලුත් දේත් පරණ දේත් පිටතට ගෙනෙන්නාවූ ගෙදර ස්වාමියෙකුට සමානයයි කීසේක.


එවිට ලියන්නෙක් ඇවිත්: ආචාරීන්වහන්ස, ඔබ යන කොතැනට නුමුත් ඔබ අනුව එන්නෙමියි උන්වහන්සේට කීවේය.


හත්වෙනි මාසය පැමිණි කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ නුවරවල සිටියෝය. මුළු සෙනඟද එක්කෙනෙකු මෙන් වතුරදොරටුව ඉදිරිපිට තිබුණු එළිමහනෙහි රැස්වූහ. එවිට, ස්වාමීන්වහන්සේ විසින් ඉශ්‍රායෙල්වරුන්ට අණකළ මෝසෙස්ගේ ව්‍යවස්ථාපොත ගෙනෙන්ට ලියන්නා වන එස්රාට කීවෝය.


මේ එස්රා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් දුන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන සමර්ථ ලියන්නෙක්ය. ඔහු කෙරෙහි තිබුණු ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හස්තය ප්‍රකාරයට ඔහු ඉල්ලූ සියල්ල රජ්ජුරුවෝ ඔහුට දුන්නාහ.


ඔව්හු බර උසුලන්නන් කෙරෙහිත් එක එක සේවයේ වැඩය කරන සියල්ලන් කෙරෙහිත් මුලාදෑනියෝව සිටියෝය. ලෙවීවරුන්ගෙන් සමහරු ලියන්නෝව මුලාදෑනියෝව දොරටුපාලයෝව සිටියෝය.


ඔව්හු තමුන්ගේ පිය පෙළපත්වල හැටියට, පිය පෙළපත්වල ප්‍රධානියෝ වන විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට එක්කෙනෙක් එක්කෙනෙක් පාසා නම් වශයෙන් ගණන්කරනලද්දාවූ, ස්වාමීන්වහන්සේගේ ගෘහ සේවයේ වැඩේ කළාවූ ලෙවීගේ පුත්‍රයෝය.


ෂීෂාගේ පුත්‍රයෝවූ එලීහොරෙප්ද අහියාද ලේකම්වරුය; අහිලූද්ගේ පුත්‍රවූ යෙහෝෂාපාට් වාර්තාකරුවාය;


එනම් උත්තම පූජකයාවූ අබියාතර්ගේ කාලයේදී දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට විනා වෙනකාටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි කා, තමා සමඟ සිටියවුන්ටත් දුන් බව නුඹලා කවදාවත් කියෙවුවේ නැද්දැයි කීසේක.


පළමුවෙනි පසඇටය වැටුණේ යෙහෝයාරීබ්ටය, දෙවෙනි එක යෙදායාටය;


ඔව්හුද තමුන්ගේ සහෝදරයන් වන ආරොන්ගේ පුත්‍රයන් මෙන්ම දාවිත් රජුද ශාදොක්ද අහිමෙලෙක්ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන්ද ඉදිරියෙහි පසඇට දැමුවෝය; පිය වංශවල ප්‍රධානියා තමාගේ බාල සහෝදරයා මෙන්ම පසඇට දැමුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්