Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 24:5 - Sinhala Revised Old Version

5 දෙගොල්ල ගැනම එකට පසඇට දමා බෙදුවෝය; මක්නිසාද ශුද්ධස්ථානයේ අධිපතියොත් දෙවියන්වහන්සේගේ අධිපතියොත් එලෙයාසර් පුත්‍රයන් අතරේ සහ ඊතාමාර් පුත්‍රයන් අතරේත් වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 දෙගොල්ල ගැන ම එකට පස ඇට දමා සංවිධාන කෙළේ ය. මන්ද, ශුද්ධස්ථානයේ අධිපතියෝත්; දෙවියන් වහන්සේගේ අධිපතියෝත් එලෙයාසර්ගේ පුත්‍රයන් අතරේ සහ ඊතාමාර්ගේ පුත්‍රයන් අතරේත් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 දෙගොල්ල ගැන ම එකට පස ඇට දමා සංවිධාන කෙළේ ය. මන්ද, ශුද්ධස්ථානයේ අධිපතියෝත්; දෙවියන් වහන්සේගේ අධිපතියෝත් එලෙයාසර්ගේ පුත්‍රයන් අතරේ සහ ඊතාමාර්ගේ පුත්‍රයන් අතරේත් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 24:5
17 හුවමාරු යොමු  

ඔව්හුද තමුන්ගේ සහෝදරයන් වන ආරොන්ගේ පුත්‍රයන් මෙන්ම දාවිත් රජුද ශාදොක්ද අහිමෙලෙක්ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන්ද ඉදිරියෙහි පසඇට දැමුවෝය; පිය වංශවල ප්‍රධානියා තමාගේ බාල සහෝදරයා මෙන්ම පසඇට දැමුවේය.


දේවමාළිගාවේ අධිපතියාද නායක පූජකයෝද මේ වචන අසා, මෙයින් කුමක් වන්නේදෝ කියා බොහෝ වියවුල් වූහ.


උත්තම පූජකයාවූ අන්නස්ද කායාඵස්ද යොහන්ද අලෙක්ෂන්දර්ද උත්තම පූජකයාගේ සියලු නෑයෝද යෙරුසලමෙහි රැස්වී ඔවුන් මැද සිටුවා:


ඔවුන් සෙනඟට කථාකරද්දී පූජකයෝද දේවමාළිගාවේ සේනාපතියාද සද්දුසිවරුද සෙනඟට ඔවුන් ඉගැන්වූ බැවිනුත්,


ඔවුන් ගැන පසඇට දැමුවෝය; එවිට පසඇටය මත්තියස්ට වැටුණේය; ඔහු ප්‍රේරිතයන් එකොළොස්දෙනා සමඟ ගණන්ගන්නාලද්දේය.


පහන්වූ කල සියලු නායක පූජකයොත් සෙනඟගේ වැඩි මහල්ලොත් යේසුස්වහන්සේ මරණයට පත්කරන පිණිස උන්වහන්සේට විරුද්ධව මන්ත්‍රණයකළෝය.


එකල නායක පූජකයෝද සෙනඟගේ වැඩිමහල්ලෝද කායාඑස් නම් උත්තම පූජකයාගේ ශාලාවට එකතුව,


ඔව්හු: මේ විපත්තිය අපට පැමුණුණේ කා නිසාදැයි දැනගන්නා පිණිස පසඇට දමමුයයි ඔවුනොවුන් කථාකරගත්තෝය. එසේ ඔවුන් පසඇට දැමූ විට පසඇටය යෝනාට වැටුණේය.


පසඇටය ඔඩොක්කුවට දමනු ලැබේ; එහෙත් එය මෙහෙයීම මුළුමනින්ම ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙයි.


දෙවියන්වහන්සේගේ ගෘහයෙහි අධිපතියාවූ අහිටූබ්ගේ පුත්‍රවූ මෙරායොත්ගේ පුත්‍රයා වන ශාදොක්ගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන හිල්කියාගේ පුත්‍රවූ සෙරායාද,


ඔහුගේ අධිපතීහුද සෙනඟටත් පූජකයන්ටත් ලෙවීවරුන්ටත් සිය කැමැත්තෙන්ම දුන්නෝය. දෙවියන්වහන්සේගේ ගෘහයේ අධිපතියෝවූ හිල්කියාද සෙකරියාද යෙහියෙල්ද පාස්කු පූජා පිණිස බැටළුපැටවුන් දෙදාස් හසියයකුත් ගොනුන් තුන්සියයකුත් පූජකයන්ට දුන්නෝය.


දෙවියන්වහන්සේගේ ගෘහයට අධිපතියාවූ අහිතුබ්ගේ පුත්‍රයා වන මෙරායොත්ගේ පුත්‍රවූ ශාදොක්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත්‍රවූ හිල්කියාගේ පුත්‍රයා වන අසරියාද;


යෝෂුවා ඔවුන් උදෙසා ෂීලෝහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොට්ඨාසවල හැටියට ඔවුන්ට දේශය බෙදාදුන්නේය.


ඊතාමාර්ගේ පුත්‍රයන් අතරේ සිටි ප්‍රධාන මනුෂ්‍යයන්ගේ ගණනට වඩා එලෙයාසර් පුත්‍රයන් අතරේ සිටියෝය; මෙලෙස ඔව්හු බෙදනු ලැබුවෝය. එලෙයාසර් පුත්‍රයන්ට පිය වංශවල ප්‍රධානීන් දහසය දෙනෙක්ද ඊතාමාර් පුත්‍රයන්ට ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානීන් අට දෙනෙක්ද සිටියෝය.


ඔව්හුද තමුන්ගේ පිය වංශ ලෙස ලොකු අය මෙන්ම කුඩා අයත් එක එක දොරටුව ගැන පසඇට දැමුවෝය.


ඔව්හු ලොකු අය මෙන් කුඩා අයද ගෝලයා මෙන් ගුරුවරයාද තමුන්ගේ මෙහෙය ගැන පසඇට දැමුවෝය.


එබැවින් මම ශුද්ධස්ථානයේ අධිපතීන් කෙලහා, යාකොබ් ශාපයටත් ඉශ්‍රායෙල් නින්දාවටත් පාවාදුන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්