Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 21:24 - Sinhala Revised Old Version

24 දාවිත් රජද: එසේ නොවේ; සම්පූර්ණ මිල ගණනට ඒක නුඹෙන් ගන්නෙමි. මක්නිසාද නුඹට අයිති දේ මම ස්වාමීන්වහන්සේ උදෙසා නොගන්නෙමි, වියදමක් නැතුව දවන පූජා නොපුදන්නෙමියි ඔර්ණාන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 දාවිත් රජ ද පිළිතුරු දෙමින්, “එසේ නොවේ, එහි මුළු වටිනාකම අනුව එය මම ඔබෙන් ගන්නෙමි. මන්ද, ඔබට අයිති දේ මම සමිඳාණන් වහන්සේ උදෙසා නොගන්නෙමි. වියදමක් නැති ව දවන යාග පූජා නොපුදන්නෙමි”යි ඔර්ණාන්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 දාවිත් රජ ද පිළිතුරු දෙමින්, “එසේ නොවේ, එහි මුළු වටිනාකම අනුව එය මම ඔබෙන් ගන්නෙමි. මන්ද, ඔබට අයිති දේ මම සමිඳාණන් වහන්සේ උදෙසා නොගන්නෙමි. වියදමක් නැති ව දවන යාග පූජා නොපුදන්නෙමි”යි ඔර්ණාන්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 21:24
9 හුවමාරු යොමු  

දේශයේ සෙනඟ අසාගන සිටියදී එප්‍රොන්ට කථාකරමින්: ඔබ කරුණාකර මාගේ බස් ඇසුව මැනවි. කෙතට මිල දෙමි; එය මාගෙන් පිළිගත මැනවි, එවිට එහි මාගේ මළ තැනැත්තිය වළලමියි කීය.


නූල්පටක්වත් මිරිවැඩි පටියක්වත් නුඹ සන්තක කිසි දෙයක්වත් නොගන්නෙමියි අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම දෙවිවූ ස්වාමීන්වහන්සේට මාගේ අත ඔසවා දිවුළෙමි;


කාටවත් නපුරට නපුර නොකරන්න. සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ශෝභන දේ කරන්ට සිතට ගන්න.


රජද: එසේ නොව මිල ගණනකට එය නුඹෙන් ගනිමි. මට වියදමක් නැතුව මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට දවන පූජා ඔප්පු නොකරමියි අරව්නාට කීවේය. එසේ දාවිත් පාවරද ගවයන්ද රිදී ෂෙකෙල් පනසකට ගත්තේය.


ඔර්ණාන්ද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ ඒක පිළිගෙන තමන්ට හොඳව පෙනෙන දේ කෙරෙත්වා. මෙන්න, දවන පූජාවලට ගවයන්ද දර සඳහා මඩින උපකරණද ආහාර පූජාවට තිරිඟුද දෙමි; ඒ සියල්ලම දෙමියි දාවිත්ට කීවේය.


මෙසේ දාවිත් ඒ ඉඩමට ෂෙකෙල් හසියයක බර රන් ඔර්ණාන්ට දුන්නේය.


තමා සන්තකවූ මක්පේලායේ ගුහාව මට දෙන ලෙස මා වෙනුවෙන් ඔහුගෙන් ඉල්ලුව මැනවි; නුඹලා අතරෙහි මට හිමිවූ සොහොන්පළක් පිණිස එය වටින මිල ගණනට ඔහු මට දේවයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්