Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 21:2 - Sinhala Revised Old Version

2 දාවිත් යෝවාබ්ටත් සෙනඟගේ අධිපතීන්ටත් කථාකොට: මා විසින් සෙනඟගේ ගණන දැනගන්නා පිණිස නුඹලා ගොස් බෙයෙර්-ෂෙබා පටන් දාන් දක්වා ඔවුන් ගණන්කර ඔවුන්ගේ ගණන මා ළඟට ගෙනෙන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 දාවිත් ජෝවාබ්ටත්, සෙනඟගේ අධිපතීන්ටත් කතා කොට, “මට සෙනඟගේ ගණන දැනගන්න පිණිස ඔබ ගොස් බෙයර්-ෂෙබා පටන් දාන් දක්වා ඔවුන් ගණන් කර ඔවුන්ගේ සංබ්‍යාව මට දන්වන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 දාවිත් ජෝවාබ්ටත්, සෙනඟගේ අධිපතීන්ටත් කතා කොට, “මට සෙනඟගේ ගණන දැනගන්න පිණිස ඔබ ගොස් බෙයර්-ෂෙබා පටන් දාන් දක්වා ඔවුන් ගණන් කර ඔවුන්ගේ සංබ්‍යාව මට දන්වන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 21:2
14 හුවමාරු යොමු  

තවද ඒ එළිදරව්කිරීම්වල අතිශය උතුම්කම කරණකොටගෙන පමණට වඩා උසස් නොවන පිණිස මට පහරදීමට සාතන්ගේ දූතයෙකු වැනිවූ උලක් මාගේ මාංසයෙහි මට දෙනලද්දේය, ඒ පමණට වඩා මා උසස් නොවන පිණිසය.


මනුෂ්‍යයෙකුගේ උඩඟුකම ඔහු පහත හෙළයි; එහෙත් සිතින් පහත්ව සිටින්නා ගෞරව ලබයි.


ලියා තිබෙන හැටියට පාස්කුව බොහෝ කාලයක පටන් නොපැවැත්වූ බැවින්, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පාස්කුව යෙරුසලමෙහි පවත්වන පිණිස එන්ට කියා ඔව්හු බෙයෙර්-ෂෙබා සිට දාන් දක්වා ඉශ්‍රායෙල් රට මුළුල්ලෙහි ප්‍රසිද්ධකරන ලෙස නියෝගයක් කළෝය.


සාලමොන්ගේ සියලු දවස්වල දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා යූදාවරුද ඉශ්‍රායෙල්වරුද එකිනෙකා තම තමාගේ මුද්‍රිකවැල යටද අත්තික්කා ගස යටද සුවසේ වාසයකළෝය.


මෙසේ ස්වාමීන්වහන්සේ උදය පටන් නියම වේලාව දක්වා ඉශ්‍රායෙල් අතරට වසංගතයක් එවූසේක. එයින් දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා සෙනඟගෙන් මනුෂ්‍යයන් සැත්තෑදහසක් මැරුණෝය.


මා කියන මන්ත්‍රණය නම්: දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා සිටින සියලු ඉශ්‍රායෙල්වරුන් ගණනින් මුහුදු වෙරෙළ් වැලි මෙන් ඔබ වෙතට රැස්කරගන ඔබම සටනට යන ලෙසය.


ස්වාමීන්වහන්සේ දාවිත්ට දිවුළ ලෙස මම ඔහුට නොකෙළෙම්නම් දෙවියන්වහන්සේ අබ්නේර්ට එසේමත් ඊට වැඩියත් කරනසේක්වයි කීවේය.


සාමුවෙල් ස්වාමීන්වහන්සේගේ අනාගතවක්තෘ කෙනෙකු හැටියට ස්ථිරකරනලද බව දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා සිටි සියලු ඉශ්‍රායෙල්වරු දැනගත්තෝය.


එවිට දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වාත් ගිලියද් දේශයෙත් සිටි සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් පිටත්ව ඇවිත් සභාව එක්කෙනෙකු මෙන් මිශ්පාහි ස්වාමීන්වහන්සේ වෙතට රැස්වුණාය.


ආබ්‍රහම් අලුයම නැගිට රොටි සහ වතුර භාජනයකුත් ගෙන හාගර්ගේ කරේ තබා දරුවාද ඈට දී ඇය යන්ට හැරියේය. ඈ පිටත්ව ගොස් බෙයර්-ෂෙබා නම් වනයෙහි මංමුළාවූවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්