Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 20:7 - Sinhala Revised Old Version

7 ඔහු ඉශ්‍රායෙල්වරුන්ට මිගාකී කල දාවිත්ගේ සහෝදරයා වන ෂීමියාගේ පුත්‍රවූ යොනාතාන් ඔහු මැරුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔහු ඉශ්රායෙල්වරුන්ට විරෝධය දැක්වූ කල දාවිත්ගේ සහෝදරයා වන ෂිමියාගේ පුත් ජොනතන් ඔහු මැරුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔහු ඉශ්රායෙල්වරුන්ට විරෝධය දැක්වූ කල දාවිත්ගේ සහෝදරයා වන ෂිමියාගේ පුත් ජොනතන් ඔහු මැරුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 20:7
9 හුවමාරු යොමු  

යෙස්සේට දාව ඔහුගේ කුලුඳුලාවූ එලියාබ්ද දෙවෙනියාවූ අබිනාදාබ්ද තුන්වෙනියාවූ ෂිමෙයාද;


එවිට යෙස්සේ ෂම්මා ඔහු ළඟින් යන්ට සැලැස්විය. මොහුවත් ස්වාමීන්වහන්සේ තෝරානොගත්සේකැයි ඔහු කීවේය.


නුඹ නින්දාකළෙත් අපහාසකළෙත් කාටද? නුඹ හඬ නැගුවෙත් උඩඟුවෙන් නුඹේ ඇස් එසෙවුවෙත් කාට විරුද්ධවද? ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධවය. ඔහු ගැන ස්වාමීන්වහන්සේ කී වචනය මේය.


ඔබගේ මෙහෙකරුවාවූ මම සිංහයාත් වලසාත් දෙන්නාම මැරුවෙමි. ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට නින්දාකළ මේ අචර්මඡේදිත පිලිස්තියයාත් උන්ගෙන් එකෙකු මෙන් වන්නේයයි සාවුල්ට කීවේය.


දාවිත් තමා ළඟ සිටි මනුෂ්‍යයන්ට කථාකොට: මේ පිලිස්තියයා මරා ඉශ්‍රායෙල්වරුන් කෙරෙන් නින්දාව පහකරන මනුෂ්‍යයාට කුමක් කරන්නේද? ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට මිගකියන මේ අචර්මඡේදිත පිලිස්තියයා කවුදැයි කීවේය.


තවද ඒ පිලිස්තියයා: මම ඉශ්‍රායෙල් සේනාවන්ට අද දවසේ මිගකියමි; මා සමඟ සටන් කරන්ට මනුෂ්‍යයෙක් දෙන්නැයි කීවේය.


නැවතත් ගාත්හි යුද්ධයක් විය. එහි ඉතා උස මහත ඇති මනුෂ්‍යයෙක් සිටියේය, ඔහුට අත්පා ඇඟිලි හය හය බැගින් ඇඟිලි විසිහතරක් තිබුණේය; ඔහුද යෝධයාට දාව උපන්නේය.


මොව්හු ගාත්හිදී යෝධයාට දාව උපන් අයය; ඔව්හු දාවිත් අතින්ද ඔහුගේ සේවකයන් අතින්ද පැරදී වැටුණෝය.


දාවිත්ගේ මාමාවූ යොනාතාන් මන්ත්‍රීයෙක්ව තේරුම් ඇති මනුෂ්‍යයෙක්ව ලියන්නෙක්ව සිටියේය. හක්මෝනිගේ පුත්‍රවූ යෙහීයෙල් රජුගේ පුත්‍රයන් සමඟ සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්