Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 20:6 - Sinhala Revised Old Version

6 නැවතත් ගාත්හි යුද්ධයක් විය. එහි ඉතා උස මහත ඇති මනුෂ්‍යයෙක් සිටියේය, ඔහුට අත්පා ඇඟිලි හය හය බැගින් ඇඟිලි විසිහතරක් තිබුණේය; ඔහුද යෝධයාට දාව උපන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 නැවතත් ගාත්හි යුද්ධයක් විය. එහි ඉතා උස මහත ඇති මනුෂ්‍යයෙක් විය. ඔහුට අත් පා ඇඟිලි හය හය බැගින් ඇඟිලි විසිහතරක් තිබුණේ ය. ඔහු ද යෝධයාට දාව උපන් කෙනෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 නැවතත් ගාත්හි යුද්ධයක් විය. එහි ඉතා උස මහත ඇති මනුෂ්‍යයෙක් විය. ඔහුට අත් පා ඇඟිලි හය හය බැගින් ඇඟිලි විසිහතරක් තිබුණේ ය. ඔහු ද යෝධයාට දාව උපන් කෙනෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 20:6
4 හුවමාරු යොමු  

එවිට යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ ඉෂ්බි-බෙනොබ් දාවිත් මරන්ට සිතීය. ඔහුගේ හෙල්ලයේ බර පිත්තල ෂෙකෙල් තුන්සියයක්ය, ඔහු අලුත් කඩුවක්ද ඉණේ බැඳගන උන්නේය.


නැවතත් ගාත්හි යුද්ධයක්විය, එහි බොහෝ උස මහත ඇති මනුෂ්‍යයෙක් සිටියේය; ඔහුගේ අත්වලත් පාදවලත් හය හය බැගින් ගණනින් ඇඟිලි විසිහතරක් ඔහුට තිබුණේය; ඔහුත් යෝධයා නිසා උපන් කෙනෙක්ය.


නැවතත් පිලිස්තිවරුන් සමඟ යුද්ධයක් විය; යායිර්ගේ පුත්‍රවූ එල්හානාන් ගිත්තිය ගොලියත්ගේ සහෝදරවූ ලඃමී මැරුවේය. ඔහුගේ හෙල්ලයේ මිට වියන දණ්ඩකට සමාන විය.


ඔහු ඉශ්‍රායෙල්වරුන්ට මිගාකී කල දාවිත්ගේ සහෝදරයා වන ෂීමියාගේ පුත්‍රවූ යොනාතාන් ඔහු මැරුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්