Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 2:55 - Sinhala Revised Old Version

55 යාබේශ්හි විසූ ලියන්නන්ගේ පවුල් නම්: තිරාතිවරු, ෂිමියාතිවරු සහ සුකාතිවරුය. මොව්හු රෙකාබ්ගේ වංශයේ පියවූ හම්මත්ගෙන් පැවත ආ කේනිවරුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

55 ජාබෙශ්හි විසූ ලියන්නන්ගේ පවුල් නම්: තිරාතිවරු, ෂිමියාතිවරු සහ සුකාතිවරු ය. මොවුහු රේකාබ්ගේ වංශයේ පියා වූ හම්මත්ගෙන් පැවත ආ කේනිවරු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

55 ජාබෙශ්හි විසූ ලියන්නන්ගේ පවුල් නම්: තිරාතිවරු, ෂිමියාතිවරු සහ සුකාතිවරු ය. මොවුහු රේකාබ්ගේ වංශයේ පියා වූ හම්මත්ගෙන් පැවත ආ කේනිවරු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 2:55
11 හුවමාරු යොමු  

ඔහු එතැනින් ගිය විට ඔහුගේ පෙරමගට ආ රේකාබ්ගේ පුත්‍රවූ යෙහෝනාදාබ් සම්බවී ඔහුට ආචාරකොට: මාගේ සිත නුඹේ සිත කෙරේ අවංකව තිබෙන්නාක්මෙන් නුඹේ සිතත් අවංකදැ යි ඇසුවේය. යෙහෝනාදාබ්: එසේයයි කීවිට: එසේ නම් මට නුඹේ අත දෙන්නැයි ඔහු කීවේය. ඔහු තමාගේ අත ඔහුට දුන්නේය.


තවද මෝසෙස්ගේ මාමණ්ඩිය වන කේනියයාගේ පුත්‍රයෝ යූදා පුත්‍රයන් සමඟ ඉඳිගස් නුවර සිට ඇවිත්, අරාද්ට දකුණෙන් තිබෙන යූදා කාන්තාරයට ගොස්, සෙනඟ සමඟ වාසයකළෝය.


සෑම කල්හිම මා ඉදිරියෙහි සිටින්ට රේකාබ්ගේ පුත්‍රවූ යෝනාදාබ්ගෙන් කෙනෙක් නැතුව නොයන්නේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


එකල කේනීයවූ හෙබෙර් මෝසෙස්ගේ මාමා වන හොබාබ්ගේ පුත්‍රයන්වූ කේනිවරුන්ගෙන් වෙන්වී, කෙදෙෂ් ළඟ තිබෙන ශයනන්නීම්හි අලෝන වෘක්ෂය ළඟ තමාගේ කූඩාරම පිහිටුවාගන සිටියේය.


තවද සාවුල් කේනිවරුන්ට කථාකොට: මා විසින් අමලෙක්වරුන් සමඟ නුඹලා විනාශ නොකරන පිණිස ඔවුන් අතරෙන් අහක්ව යන්න. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් එද්දී නුඹලා ඔවුන් සියල්ලන්ට කරුණාකළහුයයි කීවේය. එබැවින් කේනිවරු අමලෙක්වරුන් අතරෙන් අහක්ව ගියෝය.


අපි ප්‍රඥාවන්තයෝය, ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව අප වෙත ඇත්තේයයි නුඹලා කියන්නේ කොහොමද? එහෙත්, බලව, ලියන්නන්ගේ බොරු පන්හිඳ ඒ ව්‍යවස්ථාව බොරුවක් කර තිබේ.


මේ එස්රා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් දුන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන සමර්ථ ලියන්නෙක්ය. ඔහු කෙරෙහි තිබුණු ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හස්තය ප්‍රකාරයට ඔහු ඉල්ලූ සියල්ල රජ්ජුරුවෝ ඔහුට දුන්නාහ.


සල්මාගේ පුත්‍රයෝ නම්: බෙත්-ලෙහෙම්වරු, නෙටෝපාතිවරු, අට්රොත්-බෙත්-යෝවාබ්, මානහතිවරුන්ගෙන් දෙකෙන් කොටසක් සහ ශොරියවරුත්ය.


හෙබ්‍රොන්හිදී දාවිත්ට උපන් ඔහුගේ පුත්‍රයෝ මොව්හුය: කුලුඳුලා යෙස්‍රෙයෙලිය අහිනොවම්ගෙන් උපන් අම්නොන්ය. දෙවෙනියා කර්මෙලීය අබිගයිල්ගෙන් උපන් දානියෙල්ය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්