Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 2:4 - Sinhala Revised Old Version

4 ඔහුගේ ලේලිවූ තාමාර් තොමෝ පෙරෙශ්ද සෙරාද ඔහු නිසා බිහිකළාය. යූදාගේ සියලු පුත්‍රයෝ පස්දෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඔහුගේ ලේලිය වූ තාමාර් ඔහුට දාව පෙරෙශ් ද ශෙරා ද ලැබුවා ය. ජුදාට පුත්‍රයෝ පස්දෙනෙක් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඔහුගේ ලේලිය වූ තාමාර් ඔහුට දාව පෙරෙශ් ද ශෙරා ද ලැබුවා ය. ජුදාට පුත්‍රයෝ පස්දෙනෙක් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 2:4
14 හුවමාරු යොමු  

යූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ්ද ශෙරාද උපන්නෝය; පෙරෙශ්ට දාව හෙශ්‍රොන් උපන්නේය; හෙශ්‍රොන්ට දාව රාම් උපන්නේය;


ඔහු අමිනාදබ්ගේ පුත්‍රයාය, ඔහු අර්නීගේ පුත්‍රයාය, ඔහු හෙශ්‍රොන්ගේ පුත්‍රයාය, ඔහු පෙරෙශ්ගේ පුත්‍රයාය, ඔහු යූදාගේ පුත්‍රයාය,


යූදාගේ පුත්‍රයා වන සෙරාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ මෙෂශෙබෙල්ගේ පුත්‍රයා වන පෙතහියා සෙනඟගේ සියලු කාරණා ගැන රජු වෙත සිටියේය.


යූදා පුත්‍රයන්ගෙන්ද බෙන්යමින් පුත්‍රයන්ගෙන්ද සමහරෙක් යෙරුසලමෙහි වාසයකළෝය. යූදා පුත්‍රයන් අතරෙන්, පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ මහලලේල්ගේ පුත්‍රවූ ෂෙපටියාගේ පුත්‍රයා වන අමරියාගේ පුත්‍රවූ සෙකරියාගේ පුත්‍රයා වන උස්සියාගේ පුත්‍රවූ අතායාය.


සෙරාගේ පුත්‍රයන්ගෙන් යෙවුයෙල් සහ ඔවුන්ගේ සහෝදරයෝ හසිය අනූදෙනෙක්ය.


යූදාගේ පුත්‍රයා වන පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් බානිගේ පුත්‍රවූ ඉම්රිගේ පුත්‍රයා වන ඔම්රිගේ පුත්‍රවූ අම්මිහුද්ගේ පුත්‍රයා වන ඌතයිය.


පෙරෙශ්ගේ පෙළපත් මේය: පෙරෙශ් හෙශ්රොන් ඉපදවිය;


ස්වාමීන්වහන්සේ මේ යෞවනීගෙන් නුඹට දෙන බීජය කරණකොටගෙන නුඹේ වංශය යූදා නිසා තාමාර් බිහිකළ පෙරෙශ්ගේ වංශය හා සමානවේවයි කීවෝය.


ශෙරාගෙන් පැවත ආ ශෙරා පවුලය. ෂාවුල්ගෙන් පැවත ආ ෂාවුල් පවුලය.


එවිට යූදා තම ලේලිවූ තාමාර්ට කථාකොට: මාගේ පුත්‍රවූ ෂේලා වැඩිවිය පැමිණෙන තෙක් නුඹේ පියාගේ ගෙයි වැන්දඹුවක්ව සිටින්නැයි කීවේය. කුමක් හෙයින්ද: ඔහුගේ සහෝදරයන් මෙන් ඔහුද නොනස්නා පිණිසයයි ඔහු කීය. තාමාර් ගොස් ඇගේ පියාගේ ගෙයි විසුවාය.


පෙරෙශ්ගේ පුත්‍රයෝ නම්: හෙශ්රොන් සහ හාමුල්ය.


යූදාගේ පුත්‍රයෝ නම්: පෙරෙශ්, හෙශ්රොන්, කර්මි, හූර් සහ ෂෝබාල්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්