Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 2:10 - Sinhala Revised Old Version

10 රාම්ට දාව අම්මිනාදාබ් උපන්නේය; අම්මිනාදාබ්ට දාව යූදාගේ පුත්‍රයන්ට අධිපතියාවූ නාෂොන් උපන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 රාම්ට දාව අම්මිනාදාබ් උපන්නේ ය; අම්මිනාදාබ්ට දාව ජුදාගේ පුත්‍රයන්ට අධිපති වූ නාෂොන් උපන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 රාම්ට දාව අම්මිනාදාබ් උපන්නේ ය; අම්මිනාදාබ්ට දාව ජුදාගේ පුත්‍රයන්ට අධිපති වූ නාෂොන් උපන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 2:10
11 හුවමාරු යොමු  

රාම්ට දාව අමිනාදාබ් උපන්නේය; අමිනාදාබ්ට දාව නාෂොන් උපන්නේය; නාෂොන්ට දාව සල්මොන් උපන්නේය;


යූදා ගෝත්‍රයෙන් අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය.


නැගෙන ඉර පැත්තෙහි කූඩාරම් ගසා ගන්නෝනම් තමුන්ගේ සේනා ප්‍රකාරයට යූදාගේ අන්දායමේ ධජයට අයිති අයය. යූදා පුත්‍රයන්ගේ අධිපතියා අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන් වන්නේය.


පළමුකොට යූදා පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්විය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය.


ශාන්ති පූජා යාගය පිණිස ගොන් දෙන්නෙක්ද බැටළුවන් පස් දෙනෙක්ද එළුවන් පස් දෙනෙක්ද එක් අවුරුදු බැටළු පැටවුන් පස් දෙනෙක්ද යන මේය. අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ගේ පඬුර මේය.


පළමුවෙනි දවසේදී තමාගේ පඬුර ඔප්පුකළේ යූදා ගෝත්‍රයේ අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය.


ආරොන් අම්මිනාදබ්ගේ දූවූ, නාෂොන්ගේ සහෝදරීවූ එලිෂෙබා භාර්යාවකොට පාවාගත්තේය; ඈ ඔහු නිසා නාදාබ්ද අබිහුද එලෙයාසර්ද ඊතාමර්ද බිහිකළාය.


හෙශ්රොන්ට උපන් ඔහුගේ පුත්‍රයෝ නම්: යෙරාමෙයෙල්, රාම් සහ කෙලුබයිය.


නාෂොන්ට දාව සල්මාද සල්මාට දාව බෝවස්ද උපන්නෝය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්