Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 19:5 - Sinhala Revised Old Version

5 මිනිස්සු ඇවිත් ඒ මනුෂ්‍යයන් ගැන දාවිත්ට දැන්නූහ. එවිට ඔවුන් සම්බවෙන්ට ඔහු මිනිසුන් යැවුවේය; මක්නිසාද ඒ මනුෂ්‍යයෝ බොහෝසෙයින් ලජ්ජාවට පත්ව සිටියෝය. රජ: නුඹලාගේ රැවුල් වැඩෙනකල් යෙරිකෝවෙහි නැවතී පසුව එන්නැයි කියා හැරියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 මිනිස්සු අවුත් ඒ මනුෂ්‍යයන් ගැන දාවිත්ට දැන්නූ හ. ඔහු ද ඔවුන් සම්බවන්න මිනිසුන් යැවී ය. මන්ද, ඒ මනුෂ්‍යයන් බොහෝ සෙයින් ලජ්ජාවට පත් වී සිටි බැවිනි. රජතුමා කතා කොට, “ඔබේ රැවුල් වැඩෙන කල් ජෙරිකෝවෙහි නැවතී පසු ව එන්නැ”යි කියා යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මිනිස්සු අවුත් ඒ මනුෂ්‍යයන් ගැන දාවිත්ට දැන්නූ හ. ඔහු ද ඔවුන් සම්බවන්න මිනිසුන් යැවී ය. මන්ද, ඒ මනුෂ්‍යයන් බොහෝ සෙයින් ලජ්ජාවට පත් වී සිටි බැවිනි. රජතුමා කතා කොට, “ඔබේ රැවුල් වැඩෙන කල් ජෙරිකෝවෙහි නැවතී පසු ව එන්නැ”යි කියා යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 19:5
7 හුවමාරු යොමු  

ඔහුගේ සහකාර දාසයෝ සිද්ධවූ දේ දැක, ඉතා ශෝකව, ඇවිත් සිදුවූ සියල්ල තමුන්ගේ ස්වාමියාට කීවෝය.


ඔහුගේ කාලයේදී බෙතෙලීය හීයෙල් විසින් යෙරිකෝව ගොඩනගනලද්දේය. ස්වාමීන්වහන්සේ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා ලවා කියෙවු උන්වහන්සේගේ වචනය ලෙස ඔහු ඒකේ අත්තිවාරම දමන විට ඔහුගේ කුලුඳුළාවූ අබීරාම්ද ඔහු ඒකේ දොරටු පිහිටුවන විට ඔහුගේ බාල පුත්‍රවූ සෙගුබ්ද නැසුණෝය.


එසේ වුවත් ඔහුගේ හිසකේ කපාදැමුවායින් පසු ඒවා නැවත වැඩෙන්ට පටන්ගත්තේය.


එවිට හානූන් දාවිත්ගේ සේවකයන් අල්වා, ඔවුන්ගේ රැවුල් බූගා, කළවාමුල් දක්වා ඔවුන්ගේ ඇඳුම් මැදින් කපාදමා ඔවුන් යන්ට හැරියේය.


තවද අම්මොන් පුත්‍රයෝ තමුන් දාවිත් ඉදිරියෙහි පිළිකුල්ව සිටින බව දැක, හානූන් සහ අම්මොන් පුත්‍රයෝද මෙසොපොතාමියේ සිරියවරුන්ගෙනුත් මයකාහි සිරියවරුන්ගෙනුත් ශෝබායෙනුත් රථ සහ අසරුවන් කුලියට ගන්ට රිදී තලෙන්ත දහසක් යැවූහ.


ඒ බව දාවිත්ට දැන්වූ කල ඔහු ඔවුන් සම්බවෙන්ට මිනිසුන් ඇරියේය; මක්නිසාද ඒ මනුෂ්‍යයෝ බොහෝසෙයින් ලජ්ජාවට පැමිණ සිටියෝය. නුඹලාගේ රැවුල් වැඩෙන කල් යෙරිකෝවෙහි නැවතී සිට පසුව හැරී එන්නැයි රජ කියා ඇරියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්