Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 18:17 - Sinhala Revised Old Version

17 යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ටත් පෙලෙතිවරුන්ටත් ප්‍රධානියාව සිටියේය; දාවිත්ගේ පුත්‍රයෝද රජු වෙත ප්‍රධානියෝව සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ජෙහෝයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන්ටත්, පෙලෙතිවරුන්ටත් ප්‍රධානියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්‍රයෝ ද රාජ සේවයේ ප්‍රධානියන් ව සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ජෙහෝයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන්ටත්, පෙලෙතිවරුන්ටත් ප්‍රධානියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්‍රයෝ ද රාජ සේවයේ ප්‍රධානියන් ව සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 18:17
14 හුවමාරු යොමු  

යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ද පෙලෙතිවරුන්ද කෙරෙහි අධිපතියාව සිටියේය; දාවිත්ගේ පුත්‍රයෝද මන්ත්‍රීවරු ව සිටියෝය.


ඔහුගේ සියලු සේවකයෝ ඔහු ළඟින් පැත්තෙන් ගියෝය. සියලු කෙරෙතිවරුද සියලු පෙලෙතිවරුද ගාත්හි සිට ඔහු අනුව ආ ගිත්තියයන්වූ මනුෂ්‍යයන් හසියයක්ද ඔහුට පෙරටුවෙන් ගියෝය.


මුහුදුබඩ වැසියන් වන කෙරෙතිය ජාතියට දුක්වේ! එම්බා පිලිස්තිවරුන්ගේ දේශය වන කානාන්, ස්වාමීන්වහන්සේගේ වචනය නුඹට විරුද්ධව තිබේ; වැසියෙක් නොසිටින ලෙස නුඹ විනාශකරන්නෙමි.


මක්නිසාද ඔවුන්ගේ තනතුර නම් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සේවය සම්බන්ධයෙන් ආරොන්ගේ පුත්‍රයන්ට උපකාරකිරීමය. එනම්: මිදුල්ද ඇතුල් ගෙවල්ද සියලු ශුද්ධ දේවල් පවිත්‍රකිරීමද දෙවියන්වහන්සේගේ ගෘහයේ සේවයේ වැඩද


රජ ඔහු සමඟ ශාදොක් පූජකයාද නාතාන් අනාගතවක්තෘද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද කෙරෙතිවරුන්ද පෙලෙතිවරුන්ද යැවුවේය, ඔව්හු රජුගේ අශ්වතරයා පිට ඔහු නැංගෙවුවෝය.


මෙසේ ශාදොක් පූජකයාද නාතාන් අනාගතවක්තෘද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද කෙරෙතිවරුද පෙලෙතිවරුද බැස ගොස් දාවිත් රජුගේ අශ්වතරයා පිට සාලමොන් නංවාගන ගීහොන්ට ගියෝය.


යෝවාබ් මුළු ඉශ්‍රායෙල් සේනාවට අධිපතියාය. යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ටත් පෙලෙතිවරුන්ටත් අධිපතියාය.


එවිට යෝවාබ්ගේ මිනිස්සුද කෙරෙතිවරුද පෙලෙතිවරුද සියලු බලවන්තයෝද ඔහු පස්සේ පිටත්ව ගියෝය. බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා ලුහුබැඳ යන පිණිස ඔව්හු යෙරුසලමෙන් නික්ම ගියෝය.


අපි කෙරෙතිවරුන්ගේ දකුණු දිශාවටත් යූදාට අයිති පළාතටත් කාලෙබ්ගේ දකුණු දිශාවටත් විරුද්ධව යුද්ධකෙළෙමුව; ශික්ලග් ගින්නෙන් පුලුස්සා දැමීමුයයි කීවේය.


අහිතූබ්ගේ පුත්‍රවූ ශාදොක් සහ අබියාතර්ගේ පුත්‍රවූ අබිමෙලෙක් පූජකයෝව සිටියෝය; ෂව්ෂා ලේකම්ව සිටියේය.


ඉක්බිති අම්මොන් පුත්‍රයන්ගේ රජවූ නාහාෂ් මළේය, ඔහුගේ පුත්‍රයා ඔහු වෙනුවට රජවිය.


යූදාගේ පුත්‍රයා වන සෙරාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ මෙෂශෙබෙල්ගේ පුත්‍රයා වන පෙතහියා සෙනඟගේ සියලු කාරණා ගැන රජු වෙත සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්