Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 17:27 - Sinhala Revised Old Version

27 එසේ ඔබගේ මෙහෙකරුවාගේ වංශයට ආශීර්වාදකරන්ට ඔබ ප්‍රසන්නවූයේ එය සදාකාලේටම ඔබ ඉදිරියෙහි පවතින පිණිසය. මක්නිසාද, ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ ආශීර්වාදකළ බැවින් එය සදාකල්ම ආශීර්වාද ලබන්නේයයි කීයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 එසේ ඔබේ මෙහෙකරුවාගේ වංශය සදහට ම ඔබ ඉදිරියෙහි පවතින පිණිස ඊට ආශීර්වාද කරන්න ඔබ ප්‍රසන්න වුව මැනව. මන්ද, සමිඳාණන් වහන්ස, ඔබ වහන්සේ ආශීර්වාද කළ අය සදහට ම ආශීර්වාද ලද්දෝ වෙති.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 එසේ ඔබේ මෙහෙකරුවාගේ වංශය සදහට ම ඔබ ඉදිරියෙහි පවතින පිණිස ඊට ආශීර්වාද කරන්න ඔබ ප්‍රසන්න වුව මැනව. මන්ද, සමිඳාණන් වහන්ස, ඔබ වහන්සේ ආශීර්වාද කළ අය සදහට ම ආශීර්වාද ලද්දෝ වෙති.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 17:27
12 හුවමාරු යොමු  

අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව, නොකැලැල්ව සිටින පිණිස,


මක්නිසාද දෙවියන්වහන්සේගේ දීමනාද කැඳවීමද වෙනස් නොවන්නේය.


උන්වහන්සේගේ නාමය සදාකල් පවතින්නේය; හිරු පවත්නා තෙක් උන්වහන්සේගේ නාමය පවතින්නේය. මනුෂ්‍යයෝ උන්වහන්සේ කරණ කොටගෙන ආශීර්වාද ලබන්නෝය; සියලු ජාතීහු උන්වහන්සේ වාසනාවන්තයයි කියන්නෝය.


එවිට ඊසාක් අතිශයින් වෙවුලා කථාකොට: එසේ වීනම් දඩයම්කර මුව මස් මා ළඟට ගෙනාවේ කවුද? මම නුඹ එන්ට ප්‍රථමයෙන් සියල්ලෙන්ම කා ඔහුට ආශීර්වාදකෙළෙමි; එසේය, ඔහු ආශීර්වාද ලබන්නේයයි කීය.


දැනුදු, ස්වාමීන්වහන්ස, ඔබම දෙවියන්වහන්සේය, ඔබගේ මෙහෙකරුවාට මේ යහපත් දේ පොරොන්දුවූසේක.


මින්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහරදී ඔවුන් යටත්කරගන, ගාත්ද ඊට අයිති නුවරවල්ද පිලිස්තිවරුන්ගේ අතින් ගත්තේය.


නුමුත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි සදාකල්ම රජව සිටීමට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මාගේ පියාගේ මුළු වංශයෙන් මා තෝරාගත්සේක. මක්නිසාද උන්වහන්සේ යූදාද යූදාගේ වංශයෙන් මාගේ පියාගේ පවුලද අධිපතිකමට තෝරාගෙන සියලු ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට මා පත්කරන්ට මාගේ පියාගේ පුත්‍රයන් අතරෙන් මා කෙරෙහි ප්‍රසන්නවූසේක.


මක්නිසාද ඔබ සදාකල්ම ඔහු ඉතා ආශීර්වාදලද්දෙක් කරනසේක. ඔබ ඉදිරියෙහිවූ ප්‍රීතියෙන් ඔහු සන්තෝෂකරවනසේක.


බලව, ආශීර්වාදකරන්ට අණ ලැබීමි. උන්වහන්සේ ආශීර්වාදකළසේක, මට එය වෙනස්කරන්ට නොහැක්කේය.


එසේය, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පොරොන්දුවූ ලෙස නුඹට ආශීර්වාද කරන නිසා, නුඹ බොහෝ ජාතීන්ට ණය දෙන්නෙහිය, නුමුත් ණය නොගන්නෙහිය; නුඹ බොහෝ ජාතීන් කෙරෙහි අධිපතිකම්කරන්නෙහිය, නුමුත් ඔව්හු නුඹ කෙරෙහි අධිපතිකම් නොකරන්නෝය.


ඔවුන්ගේ ලේ යෝවාබ්ගේ හිස පිටද ඔහුගේ වංශයේ හිස පිටද සදාකල්හිම පැමිණෙන්නේය. නුමුත් දාවිත්ටද ඔහුගේ වංශයටද ඔහුගේ පවුලටද ඔහුගේ සිංහාසනයටද සමාදානය ස්වාමීන්වහන්සේගෙන් සදාකල්හිම වන්නේයයි ඔහුට කීවේය.


නුමුත් සාලමොන් රජ ආශීර්වාද ලබන්නේය, දාවිත්ගේ සිංහාසනයද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සදාකාලේටම පිහිටුවනු ලබන්නේයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්