Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 17:22 - Sinhala Revised Old Version

22 මෙසේ ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් සදාකාලයටම ඔබට සෙනඟක් කොට තබාගෙන, ඔබම, ස්වාමීන්වහන්ස, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වී සිටිනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 මෙසේ ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් සදහට ම ඔබට සෙනඟක් කොට තබාගෙන, ඔබ ම, සමිඳාණන් වහන්ස, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වී සිටින සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 මෙසේ ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් සදහට ම ඔබට සෙනඟක් කොට තබාගෙන, ඔබ ම, සමිඳාණන් වහන්ස, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වී සිටින සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 17:22
15 හුවමාරු යොමු  

නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.


තුන්වෙනි කොටස මම ගින්නට පමුණුවා, රිදී පවිත්‍රකරන්නාක්මෙන් ඔවුන් පවිත්‍රකරන්නෙමි, රන් පරීක්ෂාකරන්නාක්මෙන් ඔවුන් පරීක්ෂාකරන්නෙමි. ඔව්හු මාගේ නාමය කියා යාච්ඤාකරන්නෝය, මම ඔවුන්ට උත්තරදෙන්නෙමි. ඔව්හු මාගේ සෙනඟයයි කියන්නෙමි; ඔවුන්ද: ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.


ස්වාමීන්වහන්සේ නුඹලා ස්වකීය සෙනඟ කරගන්ට ප්‍රසන්නවූ බැවින් තමන්ගේ මහත් නාමය නිසා තමන් සෙනඟ අත්නොහරිනසේක.


නුඹටද නුඹෙන් පසුව නුඹේ වංශයටද දෙවියන්වහන්සේ වන පිණිස මාද නුඹ සහ නුඹෙන් පසුව නුඹේ වංශයද අතරෙහි ඔවුන්ගේ පරම්පරාවන්හි සදාකාල ගිවිසුමක් කොට මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි.


ඉශ්‍රායෙල් සිංහාසනය පිට ඔබ හිඳුවන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වුණාවූ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමීන්වහන්සේ සෑමකල්හිම ඉශ්‍රායෙල්ට ප්‍රේමකළ බැවින් විනිශ්චයත් යුක්තියත් ඉෂ්ටකරන්ට උන්වහන්සේ ඔබ රජකොට පත්කළසේකැයි රජුට කීවාය.


ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට සමානව ඉන්නේ පොළොවේ කොයි ජාතියද? මක්නිසාද දෙවියන්වහන්සේ තමන්ට සෙනඟක් කොට ඔවුන් මුදාගන්න පිණිස ගොස් මිසරයෙන් මුදාගත් ඔබගේ සෙනඟ ඉදිරියෙන් ජාතීන් එළවාදමා, මහත්වූ භයානකවූ දේවල් කිරීමෙන් ඔබට නාමයක් උපදවාගත්සේක.


දැනුදු, ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාත් ඔහුගේ වංශයත් ගැන ඔබ කී වචනය සදාකාලයටම ස්ථිරවේවා, ඔබ කී ලෙසම කළ මැනව.


මෙසේ ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් ඔබ සදාකාලේටම ඔබට සෙනඟක් කොට ස්ථිරකරගන ඔබම, ස්වාමීන්වහන්ස, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වී සිටිනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්