Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 17:16 - Sinhala Revised Old Version

16 එවිට දාවිත් රජ ඇතුළට ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හිඳ: දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ විසින් මෙපමණ දුරට මා ගෙනඊමට මම කවුද? මාගේ වංශය මොකක්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එවිට දාවිත් රජු කූඩාරම ඇතුළට ගොස්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි වාඩි වී මෙසේ කීවේ ය: “දෙවි සමිඳාණන් වහන්ස, ඔබ විසින් මෙපමණ දුරට මා ගෙන එනු ලැබීමට මම කවරෙක් ද? මාගේ වංශය කුමක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එවිට දාවිත් රජු කූඩාරම ඇතුළට ගොස්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි වාඩි වී මෙසේ කීවේ ය: “දෙවි සමිඳාණන් වහන්ස, ඔබ විසින් මෙපමණ දුරට මා ගෙන එනු ලැබීමට මම කවරෙක් ද? මාගේ වංශය කුමක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 17:16
15 හුවමාරු යොමු  

එවිට දාවිත් රජ ඇතුළට ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හිඳ කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබවහන්සේ මෙපමණ දුරට මා ගෙනඊමට මම කවුද? මාගේ වංශය මොකක්ද?


ඔබගේ මෙහෙකරුවාට ඔබ දැක්වූ සියලු කරුණාවලින් ඉතා සුළු එකක්වත් ඔබගේ මුළු විශ්වාසකමවත් ලැබීමට නොවටිමි; මක්නිසාද මම මාගේ සැරයටිය පමණක් රැගෙන මේ යොර්දානෙන් මෙතර වුණෙමි; දැනුදු කණ්ඩායම් දෙකක්ව සිටිමි.


සියලු ශුද්ධවන්තයන්ගෙන් ඉතා කුඩා තැනැත්තාවූ මට මේ අනුග්‍රහය දෙනලද්දේ ක්‍රිස්තුස්වහන්සේගේ සොයා දැනගත නොහැකි සම්පත ගැන අන්‍යජාතීන්ට දේශනාකරන්ටත්,


ස්වාමිනි, ඔබ විසින් මනුෂ්‍යයා ගැන කල්පනාකිරීමට හෝ මනුෂ්‍ය පුත්‍රයා සැලකීමට හෝ ඔහු කවුද?


සාවුල් උත්තර දෙමින්: මම ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් ඉතා කුඩා එකක්ව තිබෙන බෙන්යමින් ගෝත්‍රයේ කෙනෙක් නොවම්ද? මාගේ පවුල වනාහි බෙන්යමින් ගෝත්‍රයේ සියලු පවුල්වලින් සුළු එක නොවේද? එසේ නම් ඔබ මෙයාකාර මට කථාකරන්නේ මක්නිසාදැයි ඇසුවේය.


එවිට සාමුවෙල් ගලක් ගෙන මිශ්පාටත් ෂේන්ටත් අතරේ තබා: මෙතැන් දක්වා ස්වාමීන්වහන්සේ අපට පිහිටවූසේකැයි කියමින්, ඊට එබෙන්-එසෙර් යන නම තැබුවේය.


උන්වහන්සේ මෙබඳු මහත් මරණයකින් අප ගැළෙවුසේක, මතුත් ගළවනසේක. උන්වහන්සේ තව දුරටත් අප ගළවනසේකැයි යන බලාපොරොත්තුව අප විසින් උන්වහන්සේ කෙරෙහි තබා තිබේ;


එසේවී නුමුත් දෙවියන්වහන්සේගෙන් වන පිහිට ලැබ, ලොකු කුඩා අයට සාක්ෂිදෙමින්, ක්‍රිස්තුස්වහන්සේ දුක්විඳින්ට ඕනෑ බව සහ පළමුකොට මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ සෙනඟටද අන්‍යජාතීන්ටද එළිය ප්‍රකාශ කරනසේකැයි යන


හෙසකියා පණිවිඩකාරයන් අතින් ලියුම ගෙන කියවා, ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගොස්, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒක විදහා පා,


ඔහු උන්වහන්සේට කථාකොට: අහෝ, ස්වාමිනි, කුමකින් මම ඉශ්‍රායෙල් ගළවාගනිම්ද? බැලුව මැනව, මාගේ පවුල මනස්සේහි ඉතා දිළිඳු පවුලය, මමද මාගේ පියාගේ ගෙයි ඉතාම කුඩා තැනැත්තා වෙමියි කීවේය.


මේ සියලු වචන ප්‍රකාරයටත් මේ මුළු දර්ශනයේ ප්‍රකාරයටත් නාතාන් දාවිත්ට කීවේය.


එහෙත් දෙවියන්වහන්ස, මේකත් ඔබගේ ඇස් හමුවෙහි මදිව, මතු කාලයට ඔබගේ මෙහෙකරුවාගේ වංශය ගැන ඔබ කථාකොට, දෙවිවූ ස්වාමීන්වහන්ස, උත්තම මනුෂ්‍යයෙකු හැටියට ඔබ මා සැලකූසේක.


නුමුත් මේ ආකාරයෙන් ඔබට ඔප්පුකිරීමට පොහොසත් වූ මමත් මාගේ සෙනඟත් කවුරුද? මක්නිසාද සියල්ලම පැමිණෙන්නේ ඔබගෙන්ය, ඔබගේම දෙයින් අපි ඔබට දුනිමුව.


සාලමොන්ද: ඔබ මාගේ පියවූ දාවිත්ට මහත් කරුණාව පෙන්වමින් ඔහු වෙනුවට මා රජකොට පත්කළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්