Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 16:33 - Sinhala Revised Old Version

33 එවිට වනයේ වෘක්ෂයෝ ස්වාමීන් ඉදිරියෙහි ප්‍රීතියෙන් ගී කියන්නාහ, මක්නිසාද උන්වහන්සේ පොළොව විනිශ්චයකරන පිණිස එනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 වනයේ ගස් කොළන් සමිඳුන් අබිමුව ප්‍රීතියෙන් ගී ගයා වා! මන්ද, එතුමාණෝ පොළොව පාලනය කරන පිණිස වඩින සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 වනයේ ගස් කොළන් සමිඳුන් අබිමුව ප්‍රීතියෙන් ගී ගයා වා! මන්ද, එතුමාණෝ පොළොව පාලනය කරන පිණිස වඩින සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 16:33
13 හුවමාරු යොමු  

මක්නිසාද උන්වහන්සේ ලෝකය විනිශ්චයකරන පිණිස එනසේක. උන්වහන්සේ ලෝකය ධර්මිෂ්ඨකමින්ද මනුෂ්‍ය වර්ගයන් සාධාරණකමින්ද විනිශ්චයකරනසේක.


ඉන්නිසා, ප්‍රේමවන්තයෙනි, නුඹලා මේ දේවල් බලාසිටින බැවින්, උන්වහන්සේ ඉදිරියෙහි කැලැල් රහිතව, නිදොස්ව, සමාදානයෙන් යුක්තව දකිනු ලබන පිණිස උත්සාහකරන්න.


නුඹලාට දුක්දෙන්නන්ට දුකද දුක්විඳින නුඹලාට අප සමඟ සහනයද දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවූ කාරණයක්ය.


ඒ තැනැත්තෝ උන්වහන්සේගේ අභිමුඛයෙන්ද උන්වහන්සේගේ බලයේ තේජස ඉදිරියෙන්ද සදාකාල විනාශයේ දඬුවම විඳින්නෝය.


මුහුදත් එහි සම්පූර්ණකමත් ගර්ජනා කෙරෙත්වා; කෙත් සහ එහි ඇති සියල්ල ප්‍රීතිමත් වෙත්වා.


ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.


මක්නිසාද නුඹලා ප්‍රීතියෙන් පිටත්ව සමාදානයෙන් ගෙනයනු ලබන්නහුය. නුඹලාට ඉදිරියෙන් කඳු හා හෙල් ගී නාදකරන්නෝය, වනයේ සියලු ගස් අත්පොළසන් දෙන්නෝය.


එයාකාර කිරීම ඔබගෙන් දුරුවේවා, ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමානවන ලෙස දුෂ්ටයා සමඟ ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරුවේවා. මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ යුක්තිය නොකරනසේක්දැයි කීවේය.


ස්වාමීන්වහන්සේ පීඩා ඇත්තවුන්ට උස් කොටුවක් වනසේක, විපත්ති කාලවලදී උස් කොටුවක් වනසේක;


ස්වර්ගයෙනි, ගී කියන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කළසේක; පොළොවේ පහත් තැන් ඝෝෂාකරන්න; කඳුද වනයද එහි සියලු ගස්ද යන නුඹලා ප්‍රීතියෙන් ශබ්ද නගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ් මිදූසේක, ඉශ්‍රායෙල් කරණකොටගෙන ගෞරව ලබාගන්නසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්