Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 16:3 - Sinhala Revised Old Version

3 තවද ඔහු ඉශ්‍රායෙල් මිනිසුන් සියල්ලන්ගෙන් එක එක පුරුෂයාටත් ස්ත්‍රියටත් රොටියක්ද මස්කෑල්ලක්ද වියළි මුද්‍රිකඵල කැටියක්ද බැගින් දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 තවද, ඔහු ඉශ්රායෙල්වරුන් සියල්ලන්ගෙන් එක එක පුරුෂයාටත්, ස්ත්‍රියටත් රොටියක් ද මස් කෑල්ලක් ද වියළි මුද්‍රික පල කැටියක් ද බැගින් දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 තවද, ඔහු ඉශ්රායෙල්වරුන් සියල්ලන්ගෙන් එක එක පුරුෂයාටත්, ස්ත්‍රියටත් රොටියක් ද මස් කෑල්ලක් ද වියළි මුද්‍රික පල කැටියක් ද බැගින් දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 16:3
11 හුවමාරු යොමු  

අධිපතියාගේ යුතුකම නම් ඉශ්‍රායෙල් වංශයේ සියලු නියම කාලවල මංගල්‍යවලදීත් අමාවක්වලදීත් සබත් දවස්වලදීත් දවන පූජාද ආහාර පූජාද පාන පූජාද සපයාදීමය. ඉශ්‍රායෙල් වංශය උදෙසා සමඟිකමක් කරන්ට පාප පූජාවද ආහාර පූජාවද දවන පූජාවද ශාන්ති පූජාද ඔහු විසින් පිළියෙළකළ යුතුය.


එවිට ඔහු ඔවුන්ට කථාකොට: නුඹලා ගොස් රසවත් දේවල් කා, මිහිරි පානය බී, කිසිවක් සූදානම්කර නොගත් අයට කොටස් යවන්න. මක්නිසාද අද දවස අපේ ස්වාමීන්වහන්සේට ශුද්ධය. ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තියය, එබැවින් ශෝක නොවෙන්නැයි කීවේය.


කොඳුරන්නේ නැතුව එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න.


මක්නිසාද යූදාහි රජවූ හෙසකියා ගොනුන් දහසක් සහ බැටළුවන් හත්දහසක්ද පූජා සඳහා සභාවට දුන්නේය; අධිපතීහුද ගොනුන් දහසක් හා බැටළුවන් දසදහසක් සභාවට දුන්නෝය. පූජකයන්ගෙන් බොහෝ දෙනෙක්ද පවිත්‍රවුණෝය.


දාවිත් දවන පූජාවද ශාන්ති පූජාද ඔප්පුකර නිමවූ විට, ඔහු ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කෙළේය.


තවද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සේවයකිරීමටත් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වර්ණනාකිරීමටත් උන්වහන්සේට ස්තුති ප්‍රශංසාකිරීමටත් ඔහු ලෙවීවරුන්ගෙන් සමහරෙකු නියමකෙළේය.


වියළි මිදිපලවලින් මා ශක්තිමත්කර, ජම්බුවලින් මා ප්‍රාණවත්කරන්න. මක්නිසාද මම ප්‍රේමාතුරව සිටිමි.


එබැවින් මෝවබ්වරු මෝවබ් නිසා කෑමොරගසන්නෝය. සියල්ලෝම කෑමොරගසන්නෝය. කීර්-හරෙසෙත්හි මිදිපල කැවිලි නිසා නුඹලා වැලපෙන්නහුය, ඒක මුළුමනින්ම පහර ලැබුවේය.


තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඉශ්‍රායෙල් පුත්‍රයන් අන් දෙවිවරුන් වෙතට හැරී [ඔවුන්ට පිළිගන්වන] මුද්‍රිකඵල කැටිවලට ඇලුම්වෙන නුමුත් ස්වාමීන්වහන්සේ ඔවුන්ට ප්‍රේමකරන්නාක්මෙන්ම නුඹ නැවත ගොස්, මිත්‍රයෙකුගේ ප්‍රේමවන්තියක් වී කාමමිථ්‍යාචාරිණියක්ව සිටින ස්ත්‍රියෙකුට ප්‍රේමවෙන්නැයි කීසේක.


සාලමොන් පිබිද ඒක ස්වප්නයක් බව දැනගත්තේය. ඔහු යෙරුසලමට ඇවිත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සිට දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය; තමාගේ සියලු සේවකයන්ට මංගල්‍යයක්ද පිළියෙළකොට දුන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්