Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 16:23 - Sinhala Revised Old Version

23 පොළෝවාසී සියල්ලෙනි, ස්වාමීන්ට ගී කියව්; උන්වහන්සේගේ ගැළවීම දිනෙන් දින ප්‍රකාශකරව්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන්ට ගී ගයන්න. එතුමන්ගෙන් ලැබෙන ගැළවීම දිනෙන් දින ප්‍රකාශ කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන්ට ගී ගයන්න. එතුමන්ගෙන් ලැබෙන ගැළවීම දිනෙන් දින ප්‍රකාශ කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 16:23
9 හුවමාරු යොමු  

මාගේ මුඛය දවස මුළුල්ලේ ඔබගේ ධර්මිෂ්ඨකම හා ඔබගේ ගැළවීම ප්‍රකාශකරන්නේය; මක්නිසාද එහි ගණන නොදනිමි.


ස්වාමීන්වහන්සේට ගායනාකරන්න; මක්නිසාද උන්වහන්සේ උතුම් දේ කළසේක. මේ බව මුළු පොළොවෙහි දන්වනු ලැබේවයි කියන්නහුය.


ඔබගේ ධර්මිෂ්ඨකම මාගේ සිත තුළෙහි සඟවා නොගතිමි; ඔබගේ විශ්වාසකම හා ගැළවීම ප්‍රකාශකෙළෙමි. ඔබගේ කරුණාගුණයත් සැබෑකමත් මහත් සභාවෙන් නොසැඟවීමි.


ස්වාමීන්ගේ ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට ප්‍රශංසා ගී කියව්, උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරව්.


උන්වහන්සේට ගීතිකා කියව්, උන්වහන්සේට ප්‍රශංසා ගී කියව්; උන්වහන්සේගේ සියලු පුදුම ක්‍රියා මෙනෙහිකරව්.


මිරියාම් ඔවුන්ට උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේට ගායනාකරව්, මක්නිසාද උන්වහන්සේ තේජාන්විත ලෙස ජයගත්සේක; උන්වහන්සේ අශ්වයා සහ අසරුවා මුහුදට හෙළූසේකැයි කීවාය.


ජාතීන් අතරෙහි උන්වහන්සේගේ මහිමයද සියලු ජනයන් අතරෙහි උන්වහන්සේගේ ආශ්චර්යමත් ක්‍රියාද පතළ කරව්.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්