Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 15:27 - Sinhala Revised Old Version

27 දාවිත්ද ගිවිසුම් පෙට්ටිය උසුලාගත් සියලු ලෙවීවරුද ගීතිකාකාරයෝද ගීතිකාකාරයන් අතරේ ගායනාකිරීමට ප්‍රධානියාව සිටි කෙනනියාද සිහින් හණ සළු ඇඳගෙන සිටියෝය. දාවිත් හණ ඒඵොද් සැට්ටයක් පැළඳගෙන සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 දාවිත් ද ගිවිසුම් කරඬුව උසුලාගත් සියලු ලෙවීවරු ද ගායකයෝ ද ගායකයන් අතරේ ගායනා කිරීමට ප්‍රධානියා ව සිටි කෙනනියා ද සිහින් හණ සළු ඇඳගෙන සිටියහ. දාවිත් හණ ඒපොද් සැට්ටයක් පැළඳගෙන සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 දාවිත් ද ගිවිසුම් කරඬුව උසුලාගත් සියලු ලෙවීවරු ද ගායකයෝ ද ගායකයන් අතරේ ගායනා කිරීමට ප්‍රධානියා ව සිටි කෙනනියා ද සිහින් හණ සළු ඇඳගෙන සිටියහ. දාවිත් හණ ඒපොද් සැට්ටයක් පැළඳගෙන සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 15:27
5 හුවමාරු යොමු  

දාවිත් හණ ඒඵොද් සැට්ටයක් හැඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේය.


එහෙත් ළමයෙක්ව සිටි සාමුවෙල් හණ ඒඵොද් සැට්ටයක් ඇඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සේවයකෙළේය.


ගිවිසුම් පෙට්ටිය පිහිටෙවුවායින් පසු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ගීතිකා මෙහෙයට දාවිත් විසින් පත්කරනු ලැබුවෝ මොව්හුය.


මෙසේ සියලු ඉශ්‍රායෙල්වරු ඔල්වර හඬත් හොරණෑ-ශබ්දයත් ඇතුව, නළාවලිනුත් අත්තල්වලිනුත් වීණාවලිනුත් මහ වීණාවලිනුත් ශබ්ද පවත්වමින්, ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනාවෝය.


අත් කැඩපත්ද සිහින් හණරෙදිද තලප්පාද ඇඟ වැසුම්ද පහකරදමනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්