Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 15:25 - Sinhala Revised Old Version

25 මෙසේ දාවිත් හා ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝ ද සහස්‍රාධිපතීහුද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඕබෙද්-ඒදොම්ගේ ගෙදරින් ගෙනෙන පිණිස ප්‍රීතියෙන් ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 මෙසේ දාවිත් හා සියලු ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයෝ ද සහශ්‍රාධිපතීහු ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ ගෙදරින් ගෙනෙන පිණිස ප්‍රීතියෙන් ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 මෙසේ දාවිත් හා සියලු ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයෝ ද සහශ්‍රාධිපතීහු ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ ගෙදරින් ගෙනෙන පිණිස ප්‍රීතියෙන් ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 15:25
21 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ තුළ නිතරම ප්‍රීතිවෙන්න. ප්‍රීතිවෙන්නැයි නැවතත් කියමි.


මක්නිසාද චර්මඡේදිතයෝ නම් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන නමස්කාරකරන්නාවූ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පාරට්ටුකරගන්නාවූ, මාංසය තුළ විශ්වාසයක් නැත්තාවූ අපිය.


නුමුත් බෙත්-ලෙහෙම් එප්‍රාතා, යූදාගේ දහස් ගණන් අතරෙහි සිටීමට කුඩාව සිටින නුඹෙන්, ඉශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට මා වෙතට කෙනෙක් නික්ම එන්නේය; උන්වහන්සේගේ නික්මීම පුරාණයේ පටන්ද සදාකාලයේ සිටද වූයේය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝද පූජකයෝද ලෙවීවරුද වාල්කමෙන් මිදී ආවාවූ අනික් අයද දෙවියන්වහන්සේගේ ගෘහයේ කැපකිරීමේ කෘත්‍යය ප්‍රීතියෙන් පැවැත්තුවෝය.


එවිට සාලමොන් දාවිත්ගේ නුවරවූ සියොනේ සිට ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනෙන පිණිස ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය වංශවල අධිපතීන්වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන්ද සාලමොන් රජු වෙතට යෙරුසලමට රැස්කෙරෙවුවේය.


සාවුල් තමා වෙත සිටි තමාගේ සේවකයන්ට කථාකොට: බෙන්යමින්වරුනි, අසන්න; යෙස්සේගේ පුත්‍රයා නුඹලා හැමදෙනාට කෙත්ද මිදිවතුද දෙනවා ඇද්ද? නුඹලා සියල්ලන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද කරනවා ඇද්ද?


එහෙත් නුඹලාගේ සියලු විපත්තිවලින්ද පීඩාවලින්ද නුඹලා ගැළෙවූ නුඹලාගේ දෙවියන්වහන්සේ නුඹලා අද එපාකර: රජකෙනෙකු අප කෙරෙහි පත්කරන්ට ඕනෑයයි උන්වහන්සේට කීවහුය. එබැවින් දැන් නුඹලාගේ ගෝත්‍ර හා දහස් ගණන් ප්‍රකාරයට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටින්නැයි කියනසේකැයි කීවේය.


ඔහු ඔවුන් සහස්‍රාධිපතීන් කොටද පනසාධිපතීන් කොටද පත්කරගන්නේය. ඔහු සමහරුන් තමාගේ බිම් හාන්ටද තමාගේ ගොයම් කපන්ටද තමාගේ යුද්ධායුධත් රථායුධත් සාදන්ටද පත්කරගන්නේය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයේදී සත් දවසක් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් පවත්වන්න. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ මුළු අස්වැන්නෙන්ද නුඹේ අත්වල සියලු වැඩවලදීද නුඹට ආශීර්වාද කරනවා ඇත, නුඹද මුළුමනින් ප්‍රීතිමත්වන්න.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ දුවද නුඹේ වැඩකරුවාද නුඹේ වැඩකාරීද නුඹේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාද නුඹලා අතරෙහි සිටින විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.


නුමුත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නාවූ ස්ථානයේදී, නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ දුවද නුඹේ දාසයාද නුඹේ දාසීද නුඹේ දොරටු ඇතුළත වසන ලෙවීයයාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා කා, නුඹේ අත තබන සියල්ල ගැන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කා, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකළ නිසා, නුඹලා අත තබන සියල්ල ගැන නුඹලාද නුඹලාගේ ගෙයි වැසියෝද ප්‍රීතිවන්න.


එහෙයින් මම ප්‍රඥාවන්තවූ අඳුනන්නාවූ මනුෂ්‍යයන් වන නුඹලාගේ ගෝත්‍රවල ප්‍රධානීන් ගෙන සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද නුඹලාගේ ගෝත්‍රවලට මුලාදෑනීන්ද වශයෙන් ඔවුන් නුඹලා කෙරෙහි ප්‍රධානීන් කොට පත්කෙළෙමි.


එවිට මෝසෙස් යුද්ධයෙන් හැරී ආවාවූ සහස්‍රාධිපතීන් වන සේනාවේ මුලාදෑනීන් කෙරෙහි උදහස්ව:


නුමුත් දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත් ඊට සූදානම්කළ ස්ථානයට කිරියත්-යෙයාරීම් සිට දාවිත් විසින් ගෙනැවිත් තිබුණේය. මක්නිසාද ඔහු යෙරුසලමෙහි ඊට කූඩාරමක් පිහිටුවා තිබුණේය.


එකල සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරවූ සියොන්හි සිට ගෙනෙන්ට ඉශ්‍රායෙල්ගේ වැඩිමහල්ලන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය වංශවල අධිපතීන්වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන්ද යෙරුසලමට රැස්කෙරෙවුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්