Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 15:11 - Sinhala Revised Old Version

11 දාවිත් වනාහි පූජකයන්වූ ශාදොක්ට සහ අබියාතර්ටද ලෙවීවරුන්වූ උරියෙල්, ආසායා, යෝවෙල්, ෂෙමායා, එලීයෙල් සහ අම්මිනාදාබ්ටද අඬගසා ඔවුන්ට කථාකොට:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 දාවිත් පූජකයන් වූ ශාදොක්ට සහ අබියාතර්ට ද ලෙවීවරුන් වූ උරියෙල්, ආසායා, ජෝවෙල්, ෂෙමායා, එලීයෙල් සහ අම්මිනාදාබ්ට ද අඬගසා ඔවුන්ට කතා කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 දාවිත් පූජකයන් වූ ශාදොක්ට සහ අබියාතර්ට ද ලෙවීවරුන් වූ උරියෙල්, ආසායා, ජෝවෙල්, ෂෙමායා, එලීයෙල් සහ අම්මිනාදාබ්ට ද අඬගසා ඔවුන්ට කතා කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 15:11
11 හුවමාරු යොමු  

බලවන්ත යෞවනයෙක්වූ ශාදොක් සහ ඔහුගේ පිය වංශයේ අධිපතිවරු විසිදෙදෙනෙක්ය.


රජ ඔහු වෙනුවට සේනාව කෙරෙහි යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද අබියාතර් වෙනුවට පූජකවූ ශාදොක්ද පත්කළේය.


අහිතූබ්ගේ පුත්‍රවූ ශාදොක් සහ අබියාතර්ගේ පුත්‍රවූ අබිමෙලෙක් පූජකයෝව සිටියෝය; ෂව්ෂා ලේකම්ව සිටියේය.


තවද රජ අබියාතර් පූජකයාට කථාකොට: අනාතොත්හි තිබෙන නුඹේම ඉඩමට යන්න; නුඹ මරණයට සුදුස්සෙක්ය. එහෙත් නුඹ මාගේ පියවූ දාවිත් ඉදිරියෙහි ස්වාමිවූ දෙවියන්වහන්සේගේ පෙට්ටිය ඉසුලූ බැවින්ද මාගේ පියාණන් දැරූ සියලු දුක්වලදී නුඹත් දුක් වින්ද බැවින්ද මේ වතාවේ නුඹ නොමරමියි කීවේය.


ෂෙවා වනාහි ලේකම්ය. ශාදොක්ද අබියාතර්ද පූජකයෝය.


පූජකවූ ශාදොක් සහ අබියාතර් නුඹ සමඟ එහි සිටිනවා නොවේද? එබැවින් රජ ගෙදරින් අසන්ට ලැබෙන කොයි දෙයක් නුමුත් නුඹ පූජකයන්වූ ශාදොක්ටත් අබියාතර්ටත් දන්වාපන්න.


අහිතුබ්ගේ පුත්‍රවූ ශාදොක් හා අබියාතර්ගේ පුත්‍රවූ අහිමෙලෙක් පූජකයෝව සිටියෝය; සෙරායා ලේකම්ව සිටියේය,


උස්සීයෙල්ගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ අම්මිනාදාබ් සහ ඔහුගේ සහෝදරයන් එකසිය දොළොස්දෙනෙක්ය.


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්ට අණකළාවූ උන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන සියල්ල ප්‍රකාරයට, දවන පූජා පුදන පූජාසනය පිට දවන පූජා නිතරම උදය සවස ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිස,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්