Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 13:10 - Sinhala Revised Old Version

10 එවිට ස්වාමීන්වහන්සේගේ උදහස උස්සාට විරුද්ධව ඇවුළුණේය, ඔහු ගිවිසුම් පෙට්ටියට තමාගේ අත දිගුකළ බැවින් උන්වහන්සේ ඔහුට පහරදුන්සේක. ඔහු එහිදී දෙවියන්වහන්සේ ඉදිරියෙහි මළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එවිට සමිඳාණන් වහන්සේගේ උදහස උශ්ශාට විරුද්ධ ව ඇවුළුණේ ය. ඔහු ගිවිසුම් කරඬුවට තමාගේ අත දිගු කළ බැවින් උන් වහන්සේ ඔහුට පහර දුන් සේක. ඔහු එහි දී දෙවියන් වහන්සේ ඉදිරියෙහි මළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එවිට සමිඳාණන් වහන්සේගේ උදහස උශ්ශාට විරුද්ධ ව ඇවුළුණේ ය. ඔහු ගිවිසුම් කරඬුවට තමාගේ අත දිගු කළ බැවින් උන් වහන්සේ ඔහුට පහර දුන් සේක. ඔහු එහි දී දෙවියන් වහන්සේ ඉදිරියෙහි මළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 13:10
10 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාර, මෝසෙස් විසින් අණ කළ ලෙස, ලෙවීගේ පුත්‍රයෝ දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියේ පොලු තමුන්ගේ කරපිට තබාගන එය ගෙනගියෝය.


පළමු වතාවේදී ඒක ගෙනා අය නුඹලා නොවූ බැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට පහරදුන්සේක, මක්නිසාද නියෝගය ලෙස අපි උන්වහන්සේ නොසෙවුවෙමුයයි කීවේය.


කඳවුර පිටත්වන කල, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ශුද්ධස්ථානය සහ ශුද්ධස්ථානයේ සියලු බඩුද වසා නිමකළ පසු, කොහාත්ගේ පුත්‍රයෝ ඒක ගෙනයන පිණිස එත්වා. එහෙත් ඔව්හු නොනස්නා පිණිස ශුද්ධස්ථානයට අතනොගසත්වා. සම්මුඛවීමේ කූඩාරමෙහි කොහාත්ගේ පුත්‍රයන්ට ගෙනයන්ට තිබෙන්නේ මේවාය.


බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඇර බැලූ නිසා උන්වහන්සේ සෙනඟගෙන් සැත්තෑ දෙනෙකුටත් පනස් දහසකටත් පහර දුන්සේක. ස්වාමීන්වහන්සේ සෙනඟ අතරෙහි මහත් නාස්තියක් කළ බැවින් සෙනඟ වැලපුණාහ.


එවිට නූන්ගේ පුත්‍රවූ යෝෂුවා පූජකයන් කැඳවා ඔවුන්ට කථාකොට: ගිවිසුම් පෙට්ටිය උසුලා ගන්න, පූජකයෝ සත් දෙනෙක් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඉදිරිපිට බැටළු අං හොරණෑ සතක් රැගෙන යෙත්වයි කීවේය.


තවද ස්වාමීන්වහන්සේ කෙරෙන් ගිනි නික්ම අවුත් සුවඳ දුම් ඔප්පුකළ දෙසිය පනස්දෙනා දවාදැමීය.


ස්වාමීන්වහන්සේ උස්සාට කළ හදිසි පහර දීම නිසා දාවිත් අප්‍රසන්න විය. ඔහු ඒ ස්ථානයට පෙරෙෂ්-උස්සා යන නාමය තැබීය, ඒ නාමය අද දක්වා ඊට තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්