Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 12:28 - Sinhala Revised Old Version

28 බලවන්ත යෞවනයෙක්වූ ශාදොක් සහ ඔහුගේ පිය වංශයේ අධිපතිවරු විසිදෙදෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 බලවන්ත යෞවනයෙකු වූ ශාදොක් සහ ඔහුගේ පිය වංශයේ අධිපතිවරු විසිදෙදෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 බලවන්ත යෞවනයෙකු වූ ශාදොක් සහ ඔහුගේ පිය වංශයේ අධිපතිවරු විසිදෙදෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 12:28
11 හුවමාරු යොමු  

අහිතූබ්ට දාව ශාදොක්ද ශාදොක්ට දාව අහිමයාශ්ද;


අහිතුබ්ගේ පුත්‍රවූ ශාදොක් හා අබියාතර්ගේ පුත්‍රවූ අහිමෙලෙක් පූජකයෝව සිටියෝය; සෙරායා ලේකම්ව සිටියේය,


ඔහුගේ පුත්‍රයා ශාදොක්ය, ඔහුගේ පුත්‍රයා අහිමයාශ්ය.


නුමුත් ඉශ්‍රායෙල් පුත්‍රයන් මා වෙතින් මුළාව ගිය විට මාගේ ශුද්ධස්ථානයේ සේවය පැවැත්තුවාවූ ලෙවීවරුන්වූ පූජකයන් වන ශාදොක්ගේ පුත්‍රයන්ට නම් මට සේවයකිරීමට මා ළඟට පැමිණෙන්ටත් තෙල සහ ලේ මට ඔප්පු කිරීමට මා ඉදිරියෙහි සිටින්ටත් පුළුවනැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


රජ ඔහු වෙනුවට සේනාව කෙරෙහි යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද අබියාතර් වෙනුවට පූජකවූ ශාදොක්ද පත්කළේය.


නුමුත් ශාදොක් පූජකයාද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද අනාගතවක්තෘවූ නාතාන්ද ෂිමෙයිද රේයිද දාවිත්ට අයිති බලවන්තයෝද අදොනියා සමඟ නොවූහ.


ආරොන්ගේ වංශයේ අධිපතියාවූ යෙහෝයාදා සහ ඔහු සමඟ තුන්දාස් හත්සියයක්ය;


දාවිත් වනාහි පූජකයන්වූ ශාදොක්ට සහ අබියාතර්ටද ලෙවීවරුන්වූ උරියෙල්, ආසායා, යෝවෙල්, ෂෙමායා, එලීයෙල් සහ අම්මිනාදාබ්ටද අඬගසා ඔවුන්ට කථාකොට:


බලවත් ක්‍රියාවල් කළාවූ කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත්‍රවූ යෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනා මැරුවේය. ඔහු හිම වැටෙන දවසකදී බැස ගොස් වළක් ඇතුළෙහි සිංහයෙකුත් මැරුවේය.


යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා මේ දේවල් කොට බලවන්තයන් තුන්දෙනා අතරේ නාමයක් ලැබුවේය.


තුන්වෙනි මාසයට තුන්වෙනි සේනාවේ අධිපතියා නම් පූජකවූ යෙහෝයාදාගේ පුත්‍රයාවන ප්‍රධානියාවූ බෙනායාය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්