Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 12:23 - Sinhala Revised Old Version

23 ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාරයට සාවුල්ගේ රජකම දාවිත්ට හරවාදෙන පිණිස යුද්ධයට සන්නද්ධව දාවිත් වෙතට හෙබ්‍රොන්ට ආවාවූ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාරයට සාවුල්ගේ රජකම දාවිත්ට හරවා දෙන පිණිස යුද්ධයට සන්නද්ධ ව දාවිත් වෙත හෙබ්‍රොන්ට පැමිණි මනුෂ්‍යයන්ගේ ගණන මෙසේ ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාරයට සාවුල්ගේ රජකම දාවිත්ට හරවා දෙන පිණිස යුද්ධයට සන්නද්ධ ව දාවිත් වෙත හෙබ්‍රොන්ට පැමිණි මනුෂ්‍යයන්ගේ ගණන මෙසේ ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 12:23
13 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් ගැන ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාරයට දාවිත් රජකමට පත්කරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ ඔහුගේ රජකම ගැන ඔහුට උපකාරකළ ප්‍රධාන බලවන්තයෝ මොව්හුය.


ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මා විසින් සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කිරීමෙන් පහකර තිබෙද්දී නුඹ ඔහු ගැන කොපමණ කල් ශෝකවන්නෙහිද? නුඹේ තෙල් කුලාව පුරවාගෙන යන්න, මම බෙත්-ලෙහෙමිය යෙස්සේ ළඟට නුඹ යවමි. මක්නිසාද ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මට සපයාගත්තෙමියි කීසේක.


යෙස්සේද පූජාවට කැඳවාගන්න, එවිට නුඹ විසින් කටයුතු දේ මම නුඹට පෙන්වන්නෙමි. මා නුඹට කියන තැනැත්තා මට ආලේපකරන්නැයි කීසේක.


මම සියොන්නම් මාගේ පිරිසිදු කන්ද මතුයෙහි මාගේ රජ්ජුරුවන් පිහිටුවීමියි කියනසේක.


ඒ නිසා උන්වහන්සේ ඔහු නසා, රජකම අහක්කොට යෙස්සේගේ පුත්‍රවූ දාවිත්ට දුන්සේක.


දැන් එසේ කරන්න. මක්නිසාද මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පිලිස්තිවරුන්ගේ අතින්ද ඔවුන්ගේ සියලු සතුරන්ගේ අතින්ද මාගේ මෙහෙකරුවූ දාවිත් ලවා මම ගළවන්නෙමියි ස්වාමීන්වහන්සේ දාවිත් ගැන කියා තිබේයයි කීවේය.


යූදා පුත්‍රයන්ගෙන් පලිහද හෙල්ලයද දරන්නාවූ යුද්ධයට සන්නද්ධවූ හදාස් අටසිය දෙනෙක්ය.


තවද යාකොබ් ඒදොම් රටවූ සේයිර් දේශයෙහි සිටි තම සහෝදරවූ ඒසව් වෙතට තමාට පෙරටුව පණිවුඩකාරයන් යැවුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්