Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 11:17 - Sinhala Revised Old Version

17 දාවිත්තද ආශාවෙන් කියනුයේ: අනේ බෙත්-ලෙහෙමේ දොරටුව ළඟ තිබෙන ළිඳෙන් කවුරුවත් මට බොන්ට වතුර ගෙනත් දුන්නොත්! කියා කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 දාවිත් තද ආසාවෙන් සුසුම්ලමින්, “අනේ, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳෙන් කෙනෙකු මට බොන්නට වතුර ගෙනවුත් දුන්නොත් කොපමණ හොඳ ද” කියා කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 දාවිත් තද ආසාවෙන් සුසුම්ලමින්, “අනේ, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳෙන් කෙනෙකු මට බොන්නට වතුර ගෙනවුත් දුන්නොත් කොපමණ හොඳ ද” කියා කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 11:17
11 හුවමාරු යොමු  

නුමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නුමුත් කිසිකලෙක පිපාසා නොවන්නේය; මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනය නික්මවන්නාවූ වතුර උල්පතක් වන්නේයයි කීසේක.


යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ දීමනාවත්, මට බොන්ට දෙන්නැයි නුඹට කීවේ කවුද කියාත් නුඹ දැනගන සිටියා නම්, නුඹ ඔහුගෙන් ඉල්ලනවා ඇත, එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇතැයි කීසේක.


එබැවින් නුඹලා ප්‍රීති ඇතුව ගැළවීමේ ළින්වලින් දිය ඇදගන්නහුය.


මාගේ අත් ඔබ දෙසට දිගුකරමි. වියළි බිමක් මෙන් මාගේ ආත්මය ඔබට පිපාසාවේ.


දෙවියන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; අලුයම ඔබ සොයන්නෙමි. වතුර නැති, වියලුණ, වෙහෙස උපදවන්නාවූ දේශයකදී මාගේ ආත්මය ඔබ කෙරෙහි පිපාසා ඇත්තේය, මාගේ මාංසය ඔබ කෙරෙහි ආශා ඇත්තේය.


දාවිත් එවකට බලකොටුවෙහි සිටියේය, පිලිස්තිවරුන්ගේ මුර සේනාව එවකට බෙත්-ලෙහෙමෙහි සිටියෝය.


එවිට ඒ තුන්දෙනා පිලිස්තිවරුන්ගේ හමුදාව මැදින් බිඳගන ගොස් බෙත්-ලෙහෙමේ දොරටුව සමීපයෙහිවූ ළිඳෙන් වතුර ඇද දාවිත් වෙතට ගෙනාවෝය. නුමුත් දාවිත් ඒවා බොන්ට නොකැමැතිව, ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වත්කොට කියනුයේ:


බලවත් නුවරට මා පමුණුවන්නේ කවුද? ඒදොම්ට මා පැමිණෙවුවේ කවුද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්