Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 11:1 - Sinhala Revised Old Version

1 එකල සියලු ඉශ්‍රායෙල්වරු හෙබ්‍රොන්හි සිට දාවිත් වෙතට රැස්වී කථාකොට: අපි ඔබගේ ඇටද මාංසයද වමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 එකල සියලු ඉශ්රායෙල්වරු හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත රැස් වී කතා කොට, “බලන්න අපි ඔබේ ම ලේ නෑයෝ වමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 එකල සියලු ඉශ්රායෙල්වරු හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත රැස් වී කතා කොට, “බලන්න අපි ඔබේ ම ලේ නෑයෝ වමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 11:1
11 හුවමාරු යොමු  

දාවිත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම්කළ කාලය සතළිස් අවුරුද්දක්ය. ඔහු හෙබ්‍රොන්හි සත් අවුරුද්දක්ද යෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක්ද රජකම් කෙළේය.


නුමුත් අබ්සලොම් ඉශ්‍රායෙල් ගෝත්‍ර සියල්ල අතරෙහි ඔත්තුකාරයන් යවා: නුඹලාට හොරණෑ ශබ්දය ඇසුණු කෙණෙහිම–අබ්සලොම් හෙබ්‍රොන්හි රජවී සිටීයයි කියන්නැයි කියන්ට කීවේය.


නුඹලාට කොයි එක වඩා හොඳද–යෙරුබ්බාල්ගේ සියලු පුත්‍රයන් එනම් සැත්තෑදෙනෙක් නුඹලා කෙරෙහි අධිපතිකම්කිරීමද නොහොත් එක්කෙනෙක් නුඹලා කෙරෙහි අධිපතිකම්කිරීමද කියා ෂෙකෙම්හි සියලු වැසියන් ඉදිරියෙහි කථාකරනලෙස නුඹලාගෙන් ඉල්ලමි; මා වනාහි නුඹලාගේ ඇට හා මාංසය බවත් සිහිකරන්නැයි කීවේය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න තැනැත්තා නුඹ කෙරෙහි රජකමට කොහොමහරි පත්කරගන්න. නුඹේ සහෝදරයන් අතරෙන් එක්කෙනෙකු නුඹ රජකමට පත්කර ගන්න; නුඹේ සහෝදරයෙක් නොවන පරදේශියෙකු නුඹ කෙරෙහි රජකර නොගත යුතුය.


සැබවින් නුඹ මාගේ ඇට සහ මාංසයත්යයි ලාබන් ඔහුට කීවේය. ඔහු මාසයක් ඔහු සමඟ විසුවේය.


මක්නිසාද අපි උන්වහන්සේගේ ශරීරයේ අවයවයෝය.


ඔව්හු දකුණු දිශාවේ නැගී ගොස් හෙබ්‍රොන්ට පැමුණුණෝය; එහි අනාක්ගේ පුත්‍රයන් වන අහීමන්ද ෂේෂයිද තල්මයිද සිටියෝය. (හෙබ්‍රොන් නුවර මිසරයේ ශොවන් නුවරට සත් අවුරුද්දකට ප්‍රථමයෙන් ගොඩනගනලදී.)


ඉන්පසු දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාරමින්: මා යූදාහි යම් නුවරකට යන්ටදැයි ඇසුවේය. ස්වාමීන්වහන්සේ: යන්නැයි ඔහුට කීසේක. මා කොතැනට යන්ටදැයි දාවිත් ඇසුවේය. හෙබ්‍රොන්ටයයි උන්වහන්සේ කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්