Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 10:9 - Sinhala Revised Old Version

9 ඔව්හු ඔහුගේ ඇඳුම් ගළවා, ඔහුගේ හිසත් ආයුධත් රැගෙන, එපවත් තමුන්ගේ දේවාලවලත් සෙනඟටත් ප්‍රකාශකරන පිණිස පිලිස්තිවරුන්ගේ දේශය මුළුල්ලෙහි හැරියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඔව්හු ඔහුගේ ඇඳුම් ගලවා, ඔහුගේ හිසත් ආයුධත් රැගෙන, තමන්ගේ දේවාල වලත් සෙනඟටත් ප්‍රකාශ කරන පිණිස පිලිස්තිවරුන්ගේ දේශය මුළුල්ලෙහි ඒවා යැවූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඔව්හු ඔහුගේ ඇඳුම් ගලවා, ඔහුගේ හිසත් ආයුධත් රැගෙන, තමන්ගේ දේවාල වලත් සෙනඟටත් ප්‍රකාශ කරන පිණිස පිලිස්තිවරුන්ගේ දේශය මුළුල්ලෙහි ඒවා යැවූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 10:9
9 හුවමාරු යොමු  

ඔහුගේ හිස තැටියක ලා ගෙනවුත් තරුණියට දෙනලද්දේය. ඈද ඒක ඇගේ මවු ළඟට ගෙනගියාය.


ස්වර්ගයේ ස්වාමීන්වහන්සේට විරුද්ධව උසස්වී, උන්වහන්සේගේ ගෘහයේ භාජන ඔබ ඉදිරියට ගෙන්වාගන, ඔබද ඔබගේ උත්තමයෝද භාර්යාවරුද උපභාර්යාවරුද එයින් මුද්‍රිකපානය බීවෝය; තවද කිසි පෙනීමක්වත් ඇසීමක්වත් දැනුමක්වත් නැත්තාවූ, රන් රිදී පිත්තල යකඩ ලී සහ ගල්ද වූ දෙවිවරුන්ට ඔබ ප්‍රශංසාකෙළෙහිය. නුමුත් ඔබගේ හුස්ම තමන් හස්තයෙහි ඇත්තාවූ, ඔබගේ සියලු මාර්ග අයිතිවූ දෙවියන්වහන්සේට ඔබ ගෞරවකළේ නැත.


එවිට සාවුල් තමාගේ ආයුධ ගෙනයන්නාට කථාකොට: අර අචර්මඡේදිතයන් ඇවිත් මට අවමන් නොකරන පිණිස නුඹේ කඩුව ඇද මට අනින්නැයි කීය. නුමුත් ඔහුගේ ආයුධ ගෙනයන්නා ඊට කැමතිවුණේ නැත; ඔහු එසේ කරන්ට බොහෝසෙයින් භයවිය. එබැවින් සාවුල් තමාගේ කඩුව රැගෙන, තෙමේම එය පිට වැටුණේය.


පිලිස්තිවරුන්ගේ දූවරුන් ප්‍රීතිනොවන පිණිසද අචර්මඡේදිතයන්ගේ දූවරුන් ජයඝෝෂා නොකරන පිණිසද එය ගාත්හි නොදන්වව්, අෂ්කෙලොන් වීදිවල ප්‍රකාශනොකරව්.


තවද පසුවදා පිලිස්තිවරු මැරුම්කෑවුන්ගෙන් කොල්ලය ගන්ට ආ කල, සාවුල්ද ඔහුගේ පුත්‍රයන්ද ගිල්බොවා කන්දේ වැටී ඉන්නවා දුටුවෝය.


ඔහුගේ ආයුධ ඔව්හු තමුන්ගේ දෙවියන්ගේ ගෘහයෙහි තබා, ඔහුගේ හිස දාගොන්ගේ ගෘහයෙහි එල්ලා තැබුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්