Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 10:8 - Sinhala Revised Old Version

8 තවද පසුවදා පිලිස්තිවරු මැරුම්කෑවුන්ගෙන් කොල්ලය ගන්ට ආ කල, සාවුල්ද ඔහුගේ පුත්‍රයන්ද ගිල්බොවා කන්දේ වැටී ඉන්නවා දුටුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 තවද, පසු දා පිලිස්තිවරු මැරුම්කෑවුන්ගෙන් කොල්ලය ගන්නට පැමිණි කල, සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද ගිල්බොවා කන්දේ වැටී සිටිනු දුටුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 තවද, පසු දා පිලිස්තිවරු මැරුම්කෑවුන්ගෙන් කොල්ලය ගන්නට පැමිණි කල, සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද ගිල්බෝවා කන්දේ වැටී සිටිනු දුටුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 10:8
6 හුවමාරු යොමු  

යෙහෝෂාපාට්ද ඔහුගේ සෙනඟද ඔවුන්ගෙන් කොල්ලය ගන්ට ආ කල වස්තුවද මළකඳන්ද අනර්ඝ බඩුද ඔවුන්ට සම්බවුණේය; ගෙනයන්ට බැරි තරමට ඔව්හු ඒවා ගළවාගත්තෝය. කොල්ලය අධික බැවින් ඔවුන් තුන් දවසක් ඒවා එකතුකරමින් සිටියෝය.


සැබවින් රජවරු විනාශවූවෝය, ඔවුන් එකිනෙකා මරාගන්ට ඇත. ඉතින්, මෝවබ්වරුනි, කොල්ලය ගැනීමට එන්නැයි කීවෝය.


තවද පසුවදා මැරුම්කෑ අයගෙන් කොල්ලය ගන්ට පිලිස්තිවරුන් ආ කල සාවුල්ද ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාද ගිල්බෝවා කන්දේ වැටී ඉන්නවා ඔවුන්ට සම්බවුණේය.


පිලිස්තිවරු දෙවියන්වහන්සේගේ පෙට්ටිය රැගෙන ඒක දාගොන්ගේ ගෘහයට ගෙන ගොස් දාගොන් ළඟ තැබූහ.


ඉශ්‍රායෙල් මිනිසුන් පලාගිය බවත් සාවුල් සහ ඔහුගේ පුත්‍රයන් මැරුණු බවත් මිටියාවතෙහි සිටි සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දැක තමුන්ගේ නුවරවල් අත්හැර පලාගියෝය; පිලිස්තිවරු ඇවිත් එහි වාසය කළෝය.


ඔව්හු ඔහුගේ ඇඳුම් ගළවා, ඔහුගේ හිසත් ආයුධත් රැගෙන, එපවත් තමුන්ගේ දේවාලවලත් සෙනඟටත් ප්‍රකාශකරන පිණිස පිලිස්තිවරුන්ගේ දේශය මුළුල්ලෙහි හැරියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්