Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 10:2 - Sinhala Revised Old Version

2 පිලිස්තිවරු සාවුල්ද ඔහුගේ පුත්‍රයන්ද පස්සේ එළවාගෙන ගොස් සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන්ද අබිනාදාබ්ද මල්කී-ෂුවාද මැරුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 පිලිස්තිවරු සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද ලුහුබැඳ එළවාගෙන ගොස් සාවුල්ගේ පුත් ජොනතන් ද අබිනාදාබ් ද මල්කී-ෂුවා ද මැරූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 පිලිස්තිවරු සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද ලුහුබැඳ එළවාගෙන ගොස් සාවුල්ගේ පුත් ජොනතන් ද අබිනාදාබ් ද මල්කී-ෂුවා ද මැරූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 10:2
11 හුවමාරු යොමු  

නේර්ට දාව කීෂ්ද කීෂ්ට දාව සාවුල්ද සාවුල්ට දාව යොනාතාන්ද මල්කී-ෂුවාද අබිනාදාබ්ද එෂ්බාල්ද උපන්නෝය.


නේර්ට දාව කීෂ්ද කීෂ්ට දාව සාවුල්ද සාවුල්ට දාව යොනාතාන්ද මල්කී-ෂුවාද අබිනාදාබ්ද එෂ්බාල්ද උපන්නෝය.


ඔව්හු ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ඇස් හමුවෙහි මරා, ඔහුගේ ඇස් අන්ධකොට, ඔහු විලංගු දමා බබිලෝනියට ගෙන ගියෝය.


ඔහුගේ දවස්වලදී මිසරයේ රජවූ ඵාරාවෝ-නෙකො අෂූර්හි රජුට විරුද්ධව ප්‍රාත් ගඟ ළඟට ගියේය; එවිට යොෂියා රජ ඔහුට විරුද්ධව ගියේය. මිසරයේ රජද මෙගිද්දෝහිදී ඔහු දුටු විට ඔහු මැරීය.


සාවුල්ගේ පුත්‍රයෝනම් යොනාතාන්ද ඉශ්වීද මල්කීෂුවාද යන මොව්හුය. ඔහුගේ දූවරුන් දෙදෙනාගේ නාම මේය: වැඩිමහල් දුවගේ නම මේරබ්ය, බාල දුවගේ නම මීඛල්ය.


යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන තරුණයාට කථාකොට: එන්න, අපි අර අචර්මඡේදිතයන්ගේ මුර සමුදාව ළඟට යමු. සමහරවිට ස්වාමීන්වහන්සේ අප උදෙසා ක්‍රියාකරනවා ඇත. මක්නිසාද බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ ගළවන්ට ස්වාමීන්වහන්සේට අවහිරකමක් නැතැයි කීවේය.


ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,


පිලිස්තිවරු සාවුල්ද ඔහුගේ පුත්‍රයන්ද පස්සේ එළවාගන ගොස් සාවුල්ගේ පුත්‍රයන්වූ යොනාතාන්ද අබිනාදාබ්ද මල්කී-ෂුවාද මැරුවෝය.


සටන සාවුල්ට විරුද්ධව තදබල විය, ඔහු දුනුවායන්ට අසුවී දුනුවායන් විසින් තුවාල කරනු ලැබීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්