Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 9:27 - Sinhala Revised Old Version

27 හීරාම්ද මුහුදේ කාරණා දන්නාවූ නැව්කාරයින් වන තමාගේ සේවකයන් සාලමොන්ගේ සේවකයන් සමඟ ඒ නැව්වල යැවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 හීරාම් රජ ද මුහුදේ තතු දන්න නාවිකයන් වන තම සේවකයන් සලමොන්ගේ සේවකයන් සමඟ ඒ නැව්වල යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 හීරාම් රජ ද මුහුදේ තතු දන්න නාවිකයන් වන තම සේවකයන් සලමොන්ගේ සේවකයන් සමඟ ඒ නැව්වල යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 9:27
7 හුවමාරු යොමු  

ඕපීර් සිට රන් ගෙනාවාවූ හීරාම්ගේ නැව්වලින් හඳුන් ලී බොහොමයක්ද අනර්ඝ ගල්ද ඕපීරෙන් ගෙනෙන ලද්දේය.


මාගේ වැඩකාරයෝ ලෙබනොන්හි සිට මුහුද ළඟට ඒවා ගෙනෙන්නෝය. මම ඒවා පහුරු බඳවා ඔබ මට කියා එවන තැනකට මුහුදෙන් එවන්නෙමි, තවද ඔබ විසින් බාරගන්න පිණිස ඒවා එහිදී ලිහන්ට සලස්වන්නෙමි. ඔබ වනාහි මාගේ ගෙයි වැසියන්ට ආහාර දීමෙන් මාගේ කැමැත්ත ඉෂ්ටකරන්නෙහියයි කියා එවුවේය.


එබැවින් ලෙබනොන්හි කිහිරි ගස් මට කපා දෙන්ට අණකළ මැනවි; මාගේ වැඩකාරයෝ ඔබගේ වැඩකාරයින් හා සමඟ වන්නෝය; ඔබගේ වැඩකාරයන්ගේ කුලී ඔබ කියන ප්‍රකාරයටම ඔබට දෙන්නෙමි. මක්නිසාද ශීදොන්වරුන් මෙන් ලී කපන්ට දන්න කෙනෙක් අප අතරේ නැති බව ඔබ දන්නෙහියයි කියා ඇරියේය.


එකල ආහබ්ගේ පුත්‍රවූ අහසියා: මාගේ සේවකයෝ නුඹේ සේවකයන් හා සමඟ නැව්වල යෙත්වයි යෙහෝෂාපාට්ට කීවේය. නුමුත් යෙහෝෂාපාට් කැමති වුණේ නැත.


සාලමොන් රජ ඒදොම් දේශයෙහි රතු මුහුද අද්දර ඒලෝත් ළඟ පිහිටි එශීයොන්ගෙබෙර්හි නැව් සෑදෙවුවේය.


ශීදොන්හි සහ අර්වද්හි වැසියෝ නුඹේ හබල්කාරයෝව සිටියෝය. එම්බා තීර්, නුඹ තුළ සිටි නුඹේ ප්‍රඥාවන්තයෝම නුඹේ නාවිකයෝව සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්