Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 9:24 - Sinhala Revised Old Version

24 ඵාරාවෝගේ දියණිය වනාහි දාවිත්ගේ නුවර සිට සාලමොන් විසින් ඈ උදෙසා ගොඩනැගූ ඇගේ ගෙට ආවාය. එවිට ඔහු මිල්ලෝ ගොඩනැගීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 පාරාවෝ‍ගේ දුව දාවිත්ගේ නුවර සිට සලමොන් විසින් ඇය උදෙසා ගොඩනඟන ලද ඇගේ මාලිගාවට පැමිණියා ය. ඉන්පසු ඔහු මිල්ලෝ නම් ස්ථානය ගොඩනැඟී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 පාරාවෝ‍ගේ දුව දාවිත්ගේ නුවර සිට සලමොන් විසින් ඇය උදෙසා ගොඩනඟන ලද ඇගේ මාලිගාවට පැමිණියා ය. ඉන්පසු ඔහු මිල්ලෝ නම් ස්ථානය ගොඩනැඟී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 9:24
8 හුවමාරු යොමු  

ඔහු ධෛර්ය උපදවාගෙන, කඩා වැටී තිබුණු මුළු පවුර කොත් දක්වා ගොඩනැගුවේය, පිටතින් ඔහු තවත් පවුරක් ගොඩනගා, දාවිත්ගේ නුවර තිබුණ මිල්ලෝ සවිකර, බොහෝ ආයුධ හා පලිස් සෑදුවේය.


ඔහු රජුට විරුද්ධව අත එසෙවුවේ මේ කාරණය නිසාය. සාලමොන් මිල්ලෝ ගොඩනගමින්ද තමාගේ පියවූ දාවිත්ගේ නුවර කැඩුම් හරිගස්සමින්ද සිටියේය.


ඔහුට වාසයකිරීමට ශාලාවට එහා පැත්තෙන් අනික් මිදුලේ තිබුණ ඔහුගේ ගෘහය ඊට සමානව සාදන ලද්දේය. ඒ ශාලාවට සමානවූ ගෙයක් සාලමොන් තමා භාර්යාකොට පාවාගත් ඵාරාවෝගේ දුවටත් සෑදුවේය.


දාවිත් බලකොටුවෙහි වාසයකෙළේය, ඊට දාවිත්ගේ නුවරයයි නම් කෙළේය. දාවිත් මිල්ලෝ පටන් වටකරින්ද ඇතුළතින්ද ගොඩනැගුවේය.


තවද සාලමොන් මිසරයේ රජවූ ඵාරාවෝ හා නෑකම් බැඳ ඵාරාවෝගේ දුව පාවාගෙන, තමාගේ ගෙයත් ස්වාමීන්වහන්සේගේ ගෘහයත් යෙරුසලම වටකර පවුරත් ගොඩනගා නිමකරන තුරු ඈ දාවිත්ගේ නුවරට ගෙනාවේය.


සාලමොන් වනාහි ඵාරාවෝගේ දුව දාවිත්ගේ නුවරින් කැඳවාගෙන විත්, ඇය උදෙසා ගොඩනැගූ ගෘහයට ගෙනාවේය. මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය පැමුණුණ ස්ථාන ශුද්ධ බැවින් මාගේ භාර්යාවක් ඉශ්‍රායෙල් රජවූ දාවිත්ගේ ගෘහයෙහි නොවිසිය යුතුයයි ඔහු කීවේය.


නුමුත් දාවිත් සියොන් බලකොටුව අල්ලා ගත්තේය; එය දාවිත්ගේ නුවර විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්