Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 9:20 - Sinhala Revised Old Version

20 ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් නුවූ, ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මුළුමනින්ම විනාශකර දමන්ට බැරිවුණාවූ අමෝරිවරුන්ගෙන්ද හිත්තීවරුන්ගෙන්ද පෙරිස්සිවරුන්ගෙන්ද හිවීවරුන්ගෙන්ද යෙබූසිවරුන්ගෙන්ද ඉතිරිවුණ සියලු ජාතීන්ට පසුව,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඉශ්රායෙල්වරුන් අතින් විනාශ නොවූ, ඉශ්රායෙල්වරුන්ට මුළුමනින් ම විනාශ කර දමන්නට බැරි වූ අමෝරිවරුන්ගෙන් ද හිත්තීවරුන්ගෙන් ද පෙරිස්සිවරුන්ගෙන් ද හිවීවරුන්ගෙන් ද ජෙබුසිවරුන්ගෙන් ද ඉතිරි වූ සියලු ජාතීන්ට පසු ව,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ඉශ්රායෙල්වරුන් අතින් විනාශ නොවූ, ඉශ්රායෙල්වරුන්ට මුළුමනින් ම විනාශ කර දමන්නට බැරි වූ අමෝරිවරුන්ගෙන් ද හිත්තීවරුන්ගෙන් ද පෙරිස්සිවරුන්ගෙන් ද හිවීවරුන්ගෙන් ද ජෙබුසිවරුන්ගෙන් ද ඉතිරි වූ සියලු ජාතීන්ට පසු ව,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 9:20
16 හුවමාරු යොමු  

මක්නිසාද මාගේ දූතයා නුඹට පෙරටුව ගොස් අමෝරිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද කානානිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද වෙතට නුඹ පමුණුවනසේක. මමද ඔවුන් සිඳදමන්නෙමි.


නැගෙනහිරෙන් සහ බස්නාහිර දිගෙනුත් සිටිය කානානිවරුන්ටද අමෝරිවරුන්ටද හිත්තීවරුන්ටද පෙරිස්සිවරුන්ටද කඳු රටේ සිටි යෙබූසිවරුන්ටද මිශ්පා දේශයෙහි හෙර්මොන්ට පහළින් සිටිය හෙවීවරුන්ටද කියා යැවීය.


බර උසුලන්නෝ හැත්තෑ දහසක්ද කඳුවල ලී හා ගල්කපන්නෝ අසූදහසක්ද සාලමොන්ට සිටියෝය.


සාලමොන් සන්තකවූ සියලු ගබඩා නුවරවල්ද රථවලට නුවරවල්ද අසරුවන්ට නුවරවල්ද සාලමොන් යෙරුසලමෙහිත් ලෙබනොන්හිත් තමාගේ ආණ්ඩුවට අඩංගුවූ මුළු දේශයෙහිත් තමා සතුටුවූ ප්‍රකාර ගොඩනගන්ට කැමතිවූ සියල්ලද ගොඩනැගුවේය.


දේශයෙහි ඉතිරිව සිටියාවූ ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් සාලමොන් අද දවස දක්වා රාජකාරියට දාසයන් ගණනක් ගත්තේය.


තවද දාවිත් ඉශ්‍රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් රැස්කරන්ට අණකොට, දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනගන පිණිස හතරැස් ගල් කපන්ට ගල්වඩුවන් පත්කෙළේය.


පිලිස්තිවරුන්ගේ අධිපතිවරු පස්දෙනාත් සියලු කානානිවරුත් ශීදොන්වරුත් බාල්හෙර්මොන් කන්දේ පටන් හමාත්ට ඇතුල්වෙන තැන දක්වා ලෙබනොන් කඳුකරයේ වාසයකළ හිවීවරුත්ය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ කානානිවරුන්ද හිත්තීවරුන්ද අමෝරිවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද අතරෙහි වාසයකොට,


හිවීයයාද අර්කියයාද සීනියයාද;


සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ නම්: සෝටයිගේ පුත්‍රයෝය, හස්සොපෙරෙත්ගේ පුත්‍රයෝය, පෙරුදාගේ පුත්‍රයෝය;


නෙතිනීම්වරුද සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝද යන සියල්ලෝ තුන්සිය අනූ දෙදෙනෙක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්