Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 9:14 - Sinhala Revised Old Version

14 හීරාම් රන් තලෙන්ත එකසිය විස්සක් රජුට එව්වේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 හීරාම් රන් කිලෝග්‍රෑම් හාරදාහක් රජුට එවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 හීරාම් රන් කිලෝග්‍රෑම් හාරදාහක් රජුට එවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 9:14
6 හුවමාරු යොමු  

සාලමොන්ගේ මුළු කැමැත්තේ හැටියට ඔහුට කිහිරි ලීද දේවදාර ලීද රන්ද සපයා දුන් තීර්හි රජවූ හීරාම්ට සාලමොන් රජ ගලීල දේශයෙහි නුවරවල් විස්සක් දුන්නේය.


සාලමොන් රජුගේ පාන පාත්‍රා සියල්ලම රනින් විය. ලෙබනොන් වනය නම් ගෘහයේ සියලු භාජනත් පවිත්‍ර රනින් විය. එකක්වත් රිදීයෙන් නොවීය; රිදී වනාහි සාලමොන්ගේ දවස්වලදී අනර්ඝකොට සැලකුවේ නැත.


සාලමොන්ට බඩු හුවමාරු කරගන්නන්ගෙන්ද වෙළඳුන්ගේ වෙළඳාමෙන්ද මිශ්‍ර ජාතීන්ගේ සියලු රජවරුන්ගෙන්ද දේශයේ ආණ්ඩුකාරයන්ගෙන්ද ලැබුණු රන් හැර,


තවද ඈ රන් තලෙන්ත එකසිය විස්සක්ද සුවඳ ද්‍රව්‍ය මහත් රාශියක්ද අනර්ඝ ගල්ද රජුට දුන්නාය. ෂෙබාහි බිසව සාලමොන් රජුට දුන් ඒ සුවඳ ද්‍රව්‍ය තරම් සුවඳ ද්‍රව්‍ය තවත් නොලැබුණේය.


ඔව්හු ඕපීර්ට ගොස් එතැනින් රන් තලෙන්ත හාරසිය විස්සක් සාලමොන් රජු ළඟට ගෙනාවෝය.


එසේ නම්, තමුන්ගේ දකුණතවත් වමතවත් නොදන්න එක්ලක්ෂ විසිදහසකට වඩා මනුෂ්‍යයන්ද බොහෝ මෘගයන්ද සිටින්නාවූ නිනිවය නම්වූ ඒ මහත් නුවර කෙරෙහි මාත් අනුකම්පාකළ යුතු නොවේදැයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්