Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 9:11 - Sinhala Revised Old Version

11 සාලමොන්ගේ මුළු කැමැත්තේ හැටියට ඔහුට කිහිරි ලීද දේවදාර ලීද රන්ද සපයා දුන් තීර්හි රජවූ හීරාම්ට සාලමොන් රජ ගලීල දේශයෙහි නුවරවල් විස්සක් දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඔහු රිසි පරිදි ඔහුට කිහිරි ලී ද දේවදාර ලී ද රත්රන් ද සපයා දුන් තීර්හි හීරාම් රජු හට ගලීල දේශයෙහි නගර විස්සක් දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඔහු රිසි පරිදි ඔහුට කිහිරි ලී ද දේවදාර ලී ද රත්රන් ද සපයා දුන් තීර්හි හීරාම් රජු හට ගලීල දේශයෙහි නගර විස්සක් දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 9:11
9 හුවමාරු යොමු  

හූරාම් විසින් සාලමොන්ට දුන් නුවරවල් සාලමොන් ගොඩනගා, එහි ඉශ්‍රායෙල් පුත්‍රයන් වාසයකෙරෙවුවේය.


අපිද ඔබගේ මුළු ඕනෑකමේ හැටියට ලෙබනොන් සිට ලී කපා ඒවා පහුරුබැඳ, යොප්පාවට මුහුදෙන් ඔබට ගෙනැවිත් දෙන්නෙමුව; එවිට ඔබට ඒවා යෙරුසලමට ගෙන්වා ගත හැකි යයි කීවේය.


මෙසේ ඔව්හු නප්තලී කඳු රටේ තිබෙන ගලීලයෙහි කෙදෙෂ්ද එප්‍රායිම් කඳු රටේ ෂෙකෙම්ද යූදා කඳු රටේ හෙබ්‍රොන් වන කිරියත්-අර්බාද වෙන්කොට තැබුවෝය.


තවද සාලමොන් විසින් ගෘහ දෙක එනම් ස්වාමීන්වහන්සේගේ ගෘහය සහ රජ ගෙය ගොඩනැගීමට ගත කළ විසි අවුරුද්දට පසු,


හීරාම්ද සාලමොන් තමාට දුන් නුවරවල් බලන්ට තීර්හි සිට ඇවිත් ඒවා ගැන සතුටු නොවී:


හීරාම් රන් තලෙන්ත එකසිය විස්සක් රජුට එව්වේය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම තීර්හි වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු සහෝදර ගිවිසුම සිහි නොකර, මුළු සෙනඟ අල්ලා ඒදොම්ට පාවාදුන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්