Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 8:9 - Sinhala Revised Old Version

9 ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් ආවායින් පසු ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට මෝසෙස් විසින් හොරෙබ්හිදී තිබූ ගල්ලෑලි දෙක මිස ගිවිසුම් පෙට්ටියේ වෙන කිසිවක් නොතිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පැමිණි පසු, සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට මෝසෙස් විසින් හොරෙබ් කන්දේ දී තබන ලද ගල්පුවරු දෙක මිස, ගිවිසුම් කරඬුවේ වෙන කිසිවක් නොතිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පැමිණි පසු, සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට මෝසෙස් විසින් හොරෙබ් කන්දේ දී තබන ලද ගල්පුවරු දෙක මිස, ගිවිසුම් කරඬුවේ වෙන කිසිවක් නොතිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 8:9
25 හුවමාරු යොමු  

කරුණාසනය පෙට්ටිය පිට ඉහළින් තබන්න; මා විසින් නුඹට දෙන සාක්ෂිය පෙට්ටියෙහි තබන්න.


එහි රන් දුම් භාජනයක්ද මුළුල්ලම රනින් වැසූ ගිවිසුම්පෙට්ටියද තිබුණේය. ඒ පෙට්ටියේ මන්නා දැමූ රන් භාජනයක්ද දළු ලෑවාවූ ආරොන්ගේ සැරයටියද ගිවිසුමේ ගල්ලෑලිද තිබුණේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු සාක්ෂිය පෙට්ටියෙහි තබා, පෙට්ටියට පොලුද පෙට්ටිය උඩ කරුණාසනයද තබා,


ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් ආවායින් පසු ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට, මෝසෙස් හෝරෙබ්හිදී එහි තිබූ ගල්ලෑලි දෙක මිස පෙට්ටියේ වෙන කිසිවක් නොතිබුණේය.


උන්වහන්සේ නුඹලාට පවත්වන්ට අණකළ තමන්වහන්සේගේ ගිවිසුම වන ආඥා දසය නුඹලාට දන්වාදී ඒවා ගල්ලෑලි දෙකක ලියූසේක.


දෙවියන්වහන්සේගේ තේජස සහ බලයෙන් නිකුත්වූ ධූමයෙන් දේවමාළිගාව පිරුණේය; දේවදූතයන් සත්දෙනාගේ පීඩා සත කෙළවර-වනතුරු දේවමාළිගාවට ඇතුල්වෙන්ට කිසි-වෙකුට නුපුළුවන්විය.


එවිට ස්වාමීන්වහන්සේගේ තේජස කෙරුබ් කෙරෙන් නැගී ගෘහයේ එළිපත්ත මතුයෙහි නැවතුණේය; ගෘහය වලාකුළෙන් පිරුණේය, මළුවද ස්වාමීන්වහන්සේගේ තේජසේ දීප්තියෙන් පිරුණේය.


තවද ස්වාමීන්වහන්සේ අපේ පියවරුන් මිසර දේශයෙන් ගෙනාකල ඔවුන් සමඟ කළ ගිවිසුම තබා තිබෙන පෙට්ටියට එහි ස්ථානයක් නියම කෙළෙමියි කීවේය.


මේ ව්‍යවස්ථා පොත රැගෙන මෙය එහි නුඹලාට විරුද්ධව සාක්ෂියක්ව තිබෙන පිණිස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ තබන්න.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔවුන් නොනසින පිණිස නුඹ විසින් ඔවුන්ගේ කෙඳිරීම නිමකිරීම සඳහා ආරොන්ගේ සැරයටිය කැරළිකාර පුත්‍රයන්ට ලකුණක් කොට තිබෙන්ට නැවත සාක්ෂි පෙට්ටිය ඉදිරියෙහි තබන්නැයි කීසේක.


තවද මණ්ඩපය පිහිටෙවු දවසේදී වලාකුළකින් මණ්ඩපය එනම් සාක්ෂි කූඩාරම වැසුණේය. සවස්වූ කල මණ්ඩපය මත්තෙහි ගින්නක් වැනි පෙනීමක් පහන් වෙන තුරු තිබුණේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: නුඹේ සහෝදරවූ ආරොන් නොනස්නා පිණිස තිරය ඇතුළතින් ශුද්ධස්ථානයෙහි පෙට්ටිය පිට තිබෙන කරුණාසනය ඉදිරියට නිතරම ඇතුල් නොවන ලෙස ඔහුට කියන්න. මක්නිසාද මම කරුණාසනය මතුයේ වලාකුළෙහි පෙනෙන්නෙමි.


මෝසෙස් ආරොන්ට කථාකොට: භාජනයක් රැගෙන මන්නාවලින් ඕමෙරයක් පුරවා නුඹලාගේ පරම්පරාවන් උදෙසා ප්‍රවේසම්ව තිබෙන පිණිස ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා තබන්නැයි කීවේය.


ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කථාකළ කල්හි ඔව්හු වනාන්තරය දෙස බැලුවෝය, බලව, ස්වාමීන්වහන්සේගේ තේජස වලාකුළෙහි පෙනුණේය.


තවද ස්වාමීන්වහන්සේ උදය යාමෙහි ගිනි සහ වලා ටැඹ මැදින් මිසර සේනාව දෙස බලා මිසර සේනාව වියවුල්කළසේක.


තවද ඔවුන් දවාලෙත් රාත්‍රියෙත් ගමන්කරන පිණිස ස්වාමීන්වහන්සේ ඔවුන්ට මගපෙන්වීමට දාවල් වලා ටැඹකින්ද රාත්‍රියේ ඔවුන්ට එළිය දීමට ගිනි ටැඹකින්ද ඔවුන්ට පෙරටුව ගියසේක.


මා විසින් නුඹට දෙන සාක්ෂිය පෙට්ටියෙහි තබන්න.


පොලු දිග බැවින් පොලුවල කෙළවරවල් ගිවිසුම් පෙට්ටියෙන් පිට දේව වාක්‍යස්ථානය ඉදිරියෙහි පෙනුණේය; නුමුත් ඒවා පිටතට පෙනුණේ නැත. ඒවා අද දක්වාම එහි තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්