Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 8:25 - Sinhala Revised Old Version

25 එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ස්වකීය මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත්ට ඔබ කථාකොට: නුඹ මා ඉදිරියෙහි හැසුරුණාක් මෙන් නුඹේ දරුවෝ මා ඉදිරියෙහි හැසිරෙන පිණිස තමුන්ගේ මාර්ගය ගැන ප්‍රවේසම්වන්නෝ නම්, ඉශ්‍රායෙල් සිංහාසනයෙහි හිදීමට මා ඉදිරියෙහි නුඹට කෙනෙක් නැතුව නොයන්නේය කියා ඔබ කී කාරණය ඔහුට ඉෂ්ටකරදුන මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරු වූ මාගේ පිය දාවිත්ට ඔබ කතා කොට, ‘නුඹ මා ඉදිරියෙහි හැසුරුණු පරිදි නුඹේ දරුවෝ‍ ද තමන්ගේ මාර්ගය ගැන ප්‍රවේසම් වන්නෝ නම්, ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනයෙහි හිඳීමට මා ඉදිරියෙහි නුඹට කෙනෙක් නැතුව නොයන්නේ ය’ කියා ඔබ වදාළ කාරණය ඔහුට ඉෂ්ට කර දුන මැනව,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරු වූ මාගේ පිය දාවිත්ට ඔබ කතා කොට, ‘නුඹ මා ඉදිරියෙහි හැසුරුණු පරිදි නුඹේ දරුවෝ‍ ද තමන්ගේ මාර්ගය ගැන ප්‍රවේසම් වන්නෝ නම්, ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනයෙහි හිඳීමට මා ඉදිරියෙහි නුඹට කෙනෙක් නැතුව නොයන්නේ ය’ කියා ඔබ වදාළ කාරණය ඔහුට ඉෂ්ට කර දුන මැනව,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 8:25
12 හුවමාරු යොමු  

මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන හැටියට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේගේ පනත්ද ආඥාද විනිශ්චයයන්ද ශික්ෂාද රක්ෂාකරමින් උන්වහන්සේගේ නියමය පවත්වන්න.


සාලමොන්, මාගේ පුත්‍රය, නුඹ නුඹේ පියාගේ දෙවියන්වහන්සේ හැඳින සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් උන්වහන්සේට මෙහෙකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නාසේක. නුඹ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹට සම්බවෙනවා ඇත; නුමුත් නුඹ උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේ නුඹ සදාකාලයටම අහක දමනවා ඇත.


ඔබගේ මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත්ට ඔබ පොරොන්දුවූ දේ ඔහුට ඉෂ්ටකර දුන්සේක. එසේය, ඔබ ස්වකීය මුඛයෙන් ඒක කියා අද දවසේ තිබෙන ප්‍රකාරයට ස්වකීය හස්තයෙන් එය ඉෂ්ටකළසේක.


තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි.


සාලමොන් තමාගේ පියවූ දාවිත්ගේ නියෝග ලෙස හැසිර ස්වාමීන්වහන්සේට ප්‍රේම කෙළේය. නුමුත් ඔහු උස් තැන් පිට පූජා හා සුවඳ දුම් ඔප්පුකෙළේය.


ඔවුන්ගේ පුත්‍රයොත් නුඹේ සිංහාසනය පිට සදාකල් හිඳින්නෝය කියාද, ස්වාමීන්වහන්සේ දාවිත්ට සැබෑ ලෙසින් දිවුළසේක; උන්වහන්සේ එයින් නොහැරෙන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්