Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 8:22 - Sinhala Revised Old Version

22 එවිට සාලමොන් මුළු ඉශ්‍රායෙල් සභාව ඉදිරියෙහි ස්වාමීන්වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට ස්වර්ගය දෙසට තමාගේ අත් විදහාගන මෙසේ කීවේය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ඉන්පසු සලමොන් රජ තෙම මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට, ස්වර්ගය දෙසට තම අත් විදහා මෙසේ කී ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ඉන්පසු සලමොන් රජ තෙම මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට, ස්වර්ගය දෙසට තම අත් විදහා මෙසේ කී ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 8:22
13 හුවමාරු යොමු  

සවස පූජාවේ වේලාවට මාගේ ශෝක භාවයෙන් නැගිට, ඉරාගත් මාගේ වස්ත්‍රයද මාගේ සළුවද ඇතුව දණින් හිඳ, මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට මාගේ අත් විදහාගන කථාකොට:


සාලමොන් ස්වාමීන්වහන්සේට මේ මුලු යාච්ඤාවද කන්නලව්වද ඔප්පුකර නිමකළ විට ඔහු ස්වාමීන්වහන්සේගේ පූජාසනය ඉදිරිපිට ස්වර්ගය දෙසට තමාගේ අත් විදහාගන දණගසා හිදීමෙන් නැගිට්ටේය.


මෝසෙස් ඵාරාවෝ කෙරෙන් නුවරින් පිටතට ගොස් ස්වාමීන්වහන්සේ දෙසට තමාගේ අත් දිගුකෙළේය. එවිට අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාවද නැවතුණේය, වර්ෂාවද පොළෝ මතුපිට නොවැස්සේය.


නුඹලාගේ අත් විදහනකල මාගේ ඇස් නුඹලාගෙන් සඟවාගන්නෙමි. එසේය, නුඹලා යාච්ඤා බොහෝමයක් කරන කල්හිත් මම නොඅසන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී තිබේ.


මෝසෙස්ද: මම නුවරින් පිට ගිය කෙණෙහිම ස්වාමීන්වහන්සේ දෙසට මාගේ අත් දිගුකරන්නෙමි; පොළොව ස්වාමීන්වහන්සේගේයයි ඔබ දැනගන්නා පිණිස අකුණු ගර්ජනා නවතින්නේය, ගල් වර්ෂාවද තවත් නොවන්නේය.


එබැවින් පුරුෂයන් සෑමතැන්හිම කෝපයත් විවාදයත් නැතුව, පිරිසිදු අත් ඔසවා, යාච්ඤාකරනවාට කැමැත්තෙමි.


මෙසේ මම ජීවත්ව සිටින තෙක් ඔබට ප්‍රශංසාකරන්නෙමි. ඔබගේ නාමයෙන් මාගේ අත් ඔසවන්නෙමි.


මා ඔබට හඬගසන කලද ඔබගේ ශුද්ධ වාග්භූමිය දෙසට මාගේ අත් ඔසවන කලද මාගේ කන්නලව් ශබ්දය ඇසුව මැනව.


නුඹේ අතේ අයුක්තිය තිබේ නම් ඒක පහකරන්න, අධර්මිෂ්ඨකමද නුඹේ කූඩාරම්වල වාසය නොකෙරේවා.


තවද රජ මඤ්චකය උඩ සිට, ඒ පොතේ ලියා තිබුණ ඒ ගිවිසුමේ වචන ඉෂ්ටකරන පිණිස ස්වාමීන්වහන්සේ අනුව යන ලෙසත් උන්වහන්සේගේ ආඥාද උන්වහන්සේගේ ශික්ෂාද පනත්ද මුළු සිතින් හා මුළු ආත්මයෙන් පවත්වන ලෙසත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තේය. මුළු සෙනඟද ගිවිසුමට එකඟවූවෝය.


ඈ බැලූ විට සිරිත් ප්‍රකාර රජු කණුව ළඟ සිටිනවා සහ රජු ළඟ අධිපතීන්ද නළාකාරයන්ද සිටිනවාත් දේශයේ මුළු සෙනඟ ප්‍රීතිව හොරණෑ පිඹිනවාත් දැක ඇගේ ඇඳුම් ඉරාගෙන: ද්‍රෝහිකමය, ද්‍රෝහිකමය කියා මොරගැසුවාය.


වලාටැඹ කූඩාරමේ දොරකඩ ළඟ සිටිනවා දුටු විට මුළු සෙනඟ නැගිට එක එක අය තම තමන්ගේ කූඩාරම් දොරකඩ සිට නමස්කාර කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්