Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 8:21 - Sinhala Revised Old Version

21 තවද ස්වාමීන්වහන්සේ අපේ පියවරුන් මිසර දේශයෙන් ගෙනාකල ඔවුන් සමඟ කළ ගිවිසුම තබා තිබෙන පෙට්ටියට එහි ස්ථානයක් නියම කෙළෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 තවද, සමිඳාණන් වහන්සේ අපේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා කල ඔවුන් සමඟ කළ ගිවිසුම තබා තිබෙන කරඬුවට එහි ස්ථානයක් නියම කෙළෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 තවද, සමිඳාණන් වහන්සේ අපේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා කල ඔවුන් සමඟ කළ ගිවිසුම තබා තිබෙන කරඬුවට එහි ස්ථානයක් නියම කෙළෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 8:21
8 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් ආවායින් පසු ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට මෝසෙස් විසින් හොරෙබ්හිදී තිබූ ගල්ලෑලි දෙක මිස ගිවිසුම් පෙට්ටියේ වෙන කිසිවක් නොතිබුණේය.


ඉතින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ට නුඹලාගේ සිතත් ආත්මයත් යොමුකරන්න; ස්වාමීන්වහන්සේගේ නාමයට ගොඩනගන්ට තිබෙන ගෘහය තුළට ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද දෙවියන්වහන්සේගේ ශුද්ධ භාණ්ඩද ගෙනයන පිණිස නැගිට දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානය ගොඩනගන්නැයි කීවේය.


එවිට මෝසෙස් ඒ ලේ රැගෙන සෙනඟට ඉසිමින්: මේ සියලු වචන ගැන ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ කළාවූ ගිවිසුමේ ලේ මේ යයි කීවේය.


ඔහු දාවල් සතළිසක්ද රෑ සතළිසක්ද කෑම නොකා වතුර නොබී එහි ස්වාමීන්වහන්සේ සමඟ සිටියේය. උන්වහන්සේ ගිවිසුමේ වචන වන ආඥා දසය ලෑලිවල ලියා දුන්සේක.


මේ ව්‍යවස්ථා පොත රැගෙන මෙය එහි නුඹලාට විරුද්ධව සාක්ෂියක්ව තිබෙන පිණිස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ තබන්න.


දවල් සතළිසක්ද රෑ සතළිසක්ද ගතවූ කල ස්වාමීන්වහන්සේ ගිවිසුමේ ලෑලි වන ගල්ලෑලි දෙක මටදී කථාකොට:


එසේ වුණේ ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ කළ ගිවිසුමේ ලෑලි වන ගල්ලෑලි ලබාගන්ට මා කන්දට නැගී, කෑම නොකා වතුර නොබී දවල් සතළිසක් හා රෑ සතළිසක් කන්දේ සිටියාවූද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්