Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 7:46 - Sinhala Revised Old Version

46 රජ යොර්දාන් සමභූමියෙහි සුක්කොත් හා ශාරෙතත් අතරේ තිබෙන මැටි භූමියෙහි ඒවා වාත්තුකෙරෙව්වේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

46 රජ ජොර්දාන් මිටියාවතෙහි සුක්කොත් හා ශාරෙතත් අතරේ තිබෙන මැටි භූමියෙහි ඒවා වාත්තු කරවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

46 රජ ජොර්දාන් මිටියාවතෙහි සුක්කොත් හා ශාරෙතත් අතරේ තිබෙන මැටි භූමියෙහි ඒවා වාත්තු කරවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 7:46
5 හුවමාරු යොමු  

ඉහළින් බැස එන ජලය නැවතී ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවරවූ ආදාම් දක්වා, එක ගොඩක් වී නැංගේය. අරබා සමභූමියෙහි මුහුද එනම් ලුණු මුහුද දෙසට බැස යන ජලය තීන්දුවටම වෙන්වී ගියේය. සෙනඟද යෙරිකෝව ඉදිරියෙහි එතරට ගියෝය.


යොර්දාන් සමභූමියෙහි සුක්කොත්ද ශෙරෙදාද අතරේ තිබෙන මැටි බිමෙහි රජ ඒවා වාත්තුකෙරෙවුවේය.


යාකොබ් සුක්කොත්ට ගමන්කොට තමාට ගෙයක් ගොඩනැගුවේය, තමාගේ සිව්පාවුන්ට මඩුද සෑදීය. එබැවින් ඒ ස්ථානයට සුක්කොත් යන නම තබනලද්දේය.


හෙෂ්බොන්හි රජවූ සීහොන්ගේ රාජ්‍යයෙන් ඉතුරු කොට්ඨාසය වන මිටියාවතේ තිබෙන බෙත්-හාරාම්ද බෙත්-නීම්රාද සුක්කොත්ද ශාපොන්ද නැගෙනහිරට යොර්දානෙන් එගොඩ කින්නෙරෙත් මුහුදේ කෙළවර දක්වා යොර්දාන සහ සීමාවද යන මේය.


අහිලූද්ගේ පුත්‍රවූ බානාට තයනාක්ද මෙගිද්දෝද ශාරෙතාන්ට කිට්ටුව යෙස්‍රෙයෙල්ට පහළින් තිබෙන මුළු බෙත්-ෂෙයාන්ද වැටුණේය. ඒ පළාත බෙත්-ෂෙයාන් පටන් ආබෙල්-මෙහෝලා දක්වාද යොක්මෙයාම්ට එහා සීමා දක්වාද පිහිටා තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්