Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 7:40 - Sinhala Revised Old Version

40 තවද හීරාම් සෝදන භාජනද හැඳිද තාලිද සෑදීය. මෙසේ හීරාම් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් රජුට කළ සියලු වැඩ නිමකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 තවද, හීරාම් තෙමේ සෝදන භාජන ද හැඳි ද තැටි ද සෑදී ය. මෙසේ හීරාම් සමිඳාණන් වහන්සේගේ මාලිගාව සඳහා සලමොන් රජු උදෙසා කළ සියලු වැඩ නිම කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 තවද, හීරාම් තෙමේ සෝදන භාජන ද හැඳි ද තැටි ද සෑදී ය. මෙසේ හීරාම් සමිඳාණන් වහන්සේගේ මාලිගාව සඳහා සලමොන් රජු උදෙසා කළ සියලු වැඩ නිම කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 7:40
12 හුවමාරු යොමු  

ඔහු මේස දසයක්ද සාදා, පහක් මාලිගාවෙහි දකුණේද පහක් වමේද තැබුවේය. ඔහු රන් තලි සියයකුත් සෑදුවේය.


අඩිවල වැඩ මෙසේය: ඒවා පනේල ආකාරව තිබුණේය; පනේල සන්ධිවලට අතරේ තිබුණේය.


මෝසෙස් ලෙයින් දෙකෙන් කොටසක් ගෙන භාජනවල දමා ඉතිරි කොටස පූජාසනය පිට ඉස්සේය.


ඔහු අඩි පහක් ගෘහයට දකුණු පැත්තෙන්ද පහක් ගෘහයට වම් පැත්තෙන්ද තැබුවේය. ජලාධාරය වනාහි ඔහු ගෘහයට දකුණු පැත්තෙන් පූර්ව දිශාවටත් දකුණු දිශාවටත් අතරේ තැබුවේය.


එනම් කුළුනු දෙකක්ද කුළුනු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙකද කුළුනු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙකද,


තිබ්හත්ද කූන්ද යන හදර්එසෙර්ගේ නුවරවලින් දාවිත් බොහෝ පිත්තල ගත්තේය, එයින් සාලමොන් පිත්තල මුහුදත් කුළුනුත් පිත්තල භාජනත් සෑදීය.


සේදීම පිණිස ඔහු භාජන දසයක් සාදා පහක් දකුණු පැත්තේද පහක් වම් පැත්තේද තැබුවේය; දවන පූජාව සම්බන්ධ දේ එහි සෝදනලද්දේය. නුමුත් මුහුද තිබුණේ පූජකයන්ට සේදීම පිණිසය.


එහි අලු ඉවත ගෙනයෑමට ඒකේ හැළිද ඒකේ හැඳිද ඒකේ තලිද ඒකේ මස්කොකුද ඒකේ ගිනි කබල්ද සාදන්න. ඒකේ සියලු භාජන පිත්තලෙන් සෑදිය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්