Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 7:29 - Sinhala Revised Old Version

29 එසේ සන්ධිවලට අතරේ පනේල පිට සිංහ රූපද ගව රූපද කෙරුබ් රූපද වූහ; සන්ධි පිටත් ඉහළ පැත්ත එසේම තිබුණේය. සිංහයන්ටත් ගවයන්ටත් යටින් එල්ලෙන මාලා කර්ම තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 එසේ සන්ධිවලට අතරේ පනේල පිට සිංහ රූප ද ගව රූප ද කෙරුබ් රූප ද විය. සන්ධි පිටත් ඉහළ පැත්ත එසේ ම තිබිණි. සිංහයන්ටත්, ගවයන්ටත් යටින් එල්ලෙන මාලා කර්ම තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 එසේ සන්ධිවලට අතරේ පනේල පිට සිංහ රූප ද ගව රූප ද කෙරුබ් රූප ද විය. සන්ධි පිටත් ඉහළ පැත්ත එසේ ම තිබිණි. සිංහයන්ටත්, ගවයන්ටත් යටින් එල්ලෙන මාලා කර්ම තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 7:29
15 හුවමාරු යොමු  

එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කථාකොට: නොහඬන්න. මෙන්න, පොත සහ එහි මුද්‍රා සත දිගඅරින ලෙස යූදාගේ ගෝත්‍රයෙන්වූ සිංහයාද දාවිත්ගේ මුලදවූ තැනන්වහන්සේ ජයගත්සේකැයි මට කීවේය.


නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ප්‍රසන්නවූ ආත්මික පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩනගනු ලබන්නහුය,


ඒක උඩ තේජසේ කෙරුබ්වරු කරුණාසනය වසාගන සිටියෝය; දැන් මේවා ගැන වෙන් වශයෙන් කථාකරන්ට අපට නුපුළුවන.


මක්නිසාද මම එප්‍රායිම්ට සිංහයෙකු මෙන්ය, යූදා වංශයට තරුණ සිංහයෙකු මෙන්ය. මම, මමම, ඉරාදමායන්නෙමි; ගළවන්ට කිසිවෙකුට ඉඩ නොතබා අල්ලාගන යන්නෙමි.


එකිනෙකාට මුහුණු සතරක් විය. පළමුවෙනි මුහුණ කෙරුබ් මුහුණය, දෙවෙනි මුහුණ මනුෂ්‍ය මුහුණය, තුන්වෙනි එක සිංහ මුහුණය, සතරවෙනි එක රාජාලි මුහුණය. කෙරුබ්වරුද ඉහළට නැංගෝය.


ඔවුන්ගේ මුහුණුවල ස්වරූපය මෙසේය: ඔවුන්ට මනුෂ්‍ය මුහුණක්ද ඔවුන් සතරදෙනාට දකුණු පැත්තේ සිංහ මුහුණක්ද ඔවුන් සතරදෙනාට වම් පැත්තේ ගව මුහුණක්ද ඔවුන් සතරදෙනාට රාජාලි මුහුණක්ද බැගින් තිබුණේය.


එය ගව රූප දොළොසක් පිට තබා තිබුණේය, තුනක් උතුරු දෙසටද තුනක් බස්නාහිර දෙසටද තුනක් දකුණු දෙසටද තුනක් නැගෙනහිර දෙසටද හැරී තිබුණේය. ජලාධාරය ඒවාට උඩින් ඒවා පිට තබා තිබුණේය, ඒවායේ පස්සා කොට්ඨාස සියල්ලම ඇතුළට තිබුණේය.


ඔහු ඒ කෙරුබ් රූප ඇතුල් ගෘහය තුළ පිහිටෙවුවේය. එක කෙරුබ් රූපයක පියාපතක් එක භිත්තියට වදින හැටියටත් අනික් කෙරුබ් රූපයේ පියාපතක් අනික් භිත්තියට වදින හැටියටත් ඒවායේ පියාපත් ගෘහය මධ්‍යයෙහි එකිනෙකට වදින හැටියටත් ඒවායේ පියාපත් විහිදුවා තබනලද්දේය.


තලාපු රනින් කෙරුබ්වරුන් දෙදෙනෙකු සාදා


රන් තළා කෙරුබ්වරුන් දෙදෙනෙක් සාදා කරුණාසනයේ දෙකෙළවරෙහි පිහිටුවන්න.


මෙසේ උන්වහන්සේ මනුෂ්‍යයා පිටතට එළවා ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල්කරන පිණිස ඒදන් උයනට නැගෙනහිරෙන් කෙරුබ්වරුන්ද හැම අතටම කරකැවෙන්නාවූ ගිනිමයවූ කඩුවක්ද පිහිටෙවූසේක.


අඩිවල වැඩ මෙසේය: ඒවා පනේල ආකාරව තිබුණේය; පනේල සන්ධිවලට අතරේ තිබුණේය.


එක එක අඩියට පිත්තල රෝද සතරක්ද පිත්තල අලවංගුද තිබුණේය. ඒකේ අඩි සතරට ආධාරවල් තිබුණේය. සෝදන භාජනය යට එක එක පැත්තේ මාලා ඇත්තාවූ වාත්තු කළ ආධාරවල්ද විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්