Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 7:22 - Sinhala Revised Old Version

22 කුළුනු මුදුන්වල මානෙල් වැඩ තිබුණේය. මෙසේ කුළුනුවල වැඩ නිමකරනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 කුළුණු මුදුන්වල මානෙල්‍ මල් වැඩ තිබිණි. මෙසේ කුළුණුවල වැඩ නිම කරන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 කුලුණු මුදුන්වල මානෙල්‍ මල් වැඩ තිබිණි. මෙසේ කුලුණුවල වැඩ නිම කරන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 7:22
4 හුවමාරු යොමු  

ශාලාවේ කුළුනු මුදුන් පිට තිබුණ පේකඩවල මානෙල් වැඩ සතර රියනක් සාදා තිබුණේය.


ඔහු දේවමාලිගාවේ ශාලාව ඉදිරිපිට ඒ කුළුනු පිහිටෙව්වේය. දකුණු කුළුන පිහිටුවා ඊට යාකීන් යන නමද වම් කුළුන පිහිටුවා ඊට බෝවස් යන නමද තැබුවේය.


ඔහු ජලාධාරයත් වාත්තුකර සෑදුවේය. ඒක ගැටියේ එක පැත්තක සිට අනික් පැත්ත දක්වා රියන් දසයක්ය; ඒක වටකුරුව තිබුණේය. ඒකේ උස පස්රියනක් විය; ඒකේ වට ප්‍රමාණය තිස්රියනක් විය.


එනම් කුළුනු දෙකක්ද කුළුනු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙකද කුළුනු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙකද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්