Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 7:20 - Sinhala Revised Old Version

20 කුළුනු දෙකේ පේකඩවල දැල් කර්මාන්තයට උඩින් ඛන්ඩිය ළඟ එක එක පේකඩය වටකර දෙළුම් දෙසියයක් පේළිවල තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 කුළුණු දෙකේ පේකඩවල දැල් කර්මාන්තයට උඩින්, මැද වටය ළඟ එක එක පේකඩය වටකර දෙළුම් දෙසියයක් පේළිවල තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 කුලුණු දෙකේ පේකඩවල දැල් කර්මාන්තයට උඩින්, මැද වටය ළඟ එක එක පේකඩය වටකර දෙළුම් දෙසියයක් පේළිවල තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 7:20
7 හුවමාරු යොමු  

කුළුනු පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට එක එක දැල් වැඩේට දෙළුම් දෙපේළියක් බැගින් දැල් වැඩ දෙකට දෙළුම් හාරසියයද යන මේවාය.


දේව වාක්‍යස්ථානයෙහි ඔහු දම්වැල් සාදා, ඒවා කුළුනු මුදුන්වල තබා දෙළුම් සියයක් සාදා, ඒවා දම්වැල්වල එල්ලුවේය.


එක එක කුළුනේ උස දහඅට රියනක්ය, ඒක පිට පිත්තල පේකඩයක් විය. පේකඩයේ උස තුන් රියනක්ය; පේකඩය පිට වටකරින් දැල් වැඩක් සහ දෙළුම් ගෙඩිත් තිබුණේය, ඒ සියල්ල පිත්තලෙන් විය. දෙවෙනි කුළුන පිටත් එයාකාරම දැල් වැඩ තිබුණේය.


කුළුනු පිට තිබුණ පේකඩවල ගෝල දෙක වැසීමට එක එක දැල් වැඩේට දෙළුම් දෙපේළියක් බැගින් දැල් වැඩ දෙකට දෙළුම් හාරසියයද;


ශාලාවේ කුළුනු මුදුන් පිට තිබුණ පේකඩවල මානෙල් වැඩ සතර රියනක් සාදා තිබුණේය.


ඒ කුළුනුවලින් එක එක කුළුනේ උස දහඅට රියනක්ය; ඒ වටේට දොළොස් රියන් පටියක් තිබුණේය; එහි ගනකම අඟල් සතරක්ය. ඒක කුහරව තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්