Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 7:14 - Sinhala Revised Old Version

14 ඔහු නප්තලී ගෝත්‍රයේ වැන්දඹු ස්ත්‍රියෙකුගේ පුත්‍රයෙක්ය, ඔහුගේ පියා තීර්හි මනුෂ්‍යයෙක්වූ ලෝකුරුවෙක්ය; ඔහු සියලු ආකාර පිත්තල වැඩකිරීමට ප්‍රඥාවෙන්ද තේරුමෙන්ද දැනගැන්මෙන්ද පූර්ණව සිටියේය. ඔහු සාලමොන් රජු ළඟට ඇවිත් ඔහුගේ සියලු වැඩ කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඔහු නප්තලීගේ ගෝත්‍රයේ වැන්දඹු ස්ත්‍රියකගේ පුත්‍රයෙකි. ඔහුගේ පියා තීර් වැසියෙකු වූ ලෝකුරුවෙක් ය. ඔහු සියලු ආකාර ලෝකඩ වැඩ කිරීමට ප්‍රඥාවෙන් ද තේරුමෙන් ද දක්ෂකමින් ද පූර්ණ ව සිටියේ ය. ඔහු සලමොන් රජු වෙත පැමිණ ඔහුගේ සියලු වැඩ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඔහු නප්තලීගේ ගෝත්‍රයේ වැන්දඹු ස්ත්‍රියකගේ පුත්‍රයෙකි. ඔහුගේ පියා තීර් වැසියෙකු වූ ලෝකුරුවෙක් ය. ඔහු සියලු ආකාර ලෝකඩ වැඩ කිරීමට ප්‍රඥාවෙන් ද තේරුමෙන් ද දක්ෂකමින් ද පූර්ණ ව සිටියේ ය. ඔහු සලමොන් රජු වෙත පැමිණ ඔහුගේ සියලු වැඩ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 7:14
12 හුවමාරු යොමු  

සැළිද හැඳිද මස් කොකුද ඒවායේ සියලු බඩුද ඔහු සෑදුවේය. ඔහුට පියෙක්වූ හූරාම් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් රජුට සෑදූ ඒ බඩු ඔපදැමූ පිත්තලෙන්ය.


ඔහු දාන්ගේ දූවරුන්ගෙන්වූ තැනැත්තියෙකුගේ පුත්‍රයාය, ඔහුගේ පියා තීර්හි මනුෂ්‍යයෙක්ය. ඔබගේ දක්ෂ මනුෂ්‍යයන්ද ඔබගේ පියවූ මාගේ ස්වාමිවූ දාවිත්ගේ දක්ෂ මනුෂ්‍යයන්ද සමඟ ඔහුට නියමකරන සියලු ආකාර වැඩ සොයා දැනගන්ටද රන්, රිදී, පිත්තල, යකඩ, ගල්, ලී වැඩ හා රත්නිල්, නිල්වන්, සිහින් හණ, රතු නූල් වැඩ කරන්ටද කොයියම් කැටයම් වැඩක් නුමුත් කරන්ටද ඔහු සමර්ථය.


මෙසේ ඔහුගේ දෙවියන්වහන්සේ හරි විධිය ඔහුට පෙන්වා ඔහුට උගන්වනසේක.


තවද හූරාම් සැළිත් හැඳිත් තාලිත් සෑදුවේය. මෙසේ හූරාම් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සාලමොන් රජුට කළ වැඩ ඉෂ්ටකොට නිමකෙළේය.


එවිට කර්මාන්තය කරන්නන් අතරේ නැණවත් සිත් ඇති සියල්ලෝ මණ්ඩපය තිර දසයකින් සෑදුවෝය; කටිනලද සිහින් හණ නූල්වලින්ද නිල්, රත්නිල්, රතු නූල්වලින්ද දක්ෂ කම්කරුවාගේ වැඩෙන් යුක්තවූ කෙරුබ් රූප සහිතව ඒ තිර සෑදුවෝය.


මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියනුයේ: බලන්න, ස්වාමීන්වහන්සේ යූදාගේ ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත්‍රවූ බෙශලෙල්ගේ නම කියා ඔහු කැඳවා


ආරොන් පූජක තනතුරෙහි මට සේවය කරන පිණිස ඔහු ශුද්ධකිරීමට ඔහුගේ වස්ත්‍ර සාදන්ට මා විසින් ප්‍රඥා ආත්මයෙන් පූර්ණකරනලද ප්‍රඥා සිතක් ඇති සියල්ලන්ට කියන්න.


දක්ෂ කර්මාන්ත යෝජනාකර රනින්ද රිදීයෙන්ද පිත්තලෙන්ද වැඩ කිරීමටත්


කැටයම්කරන්නාගේද දක්ෂ කම්කරුවාගේද නිල්, රත්නිල්, රතු නූලින් සහ සිහින් හණවලින් ගොතන්නාගේද වියන්නාගේද කොයි කර්මාන්තයක් නුමුත් කරන්නාගේද දක්ෂ කර්මාන්ත යොදන්නන්ගේද සියලු ආකාර කර්මාන්ත කරන්ට ඔවුන්ගේ සිත් ප්‍රඥාවෙන් පූර්ණකළසේක.


බෙශලෙල් සහ ඔහොලියාබ්ද ස්වාමීන්වහන්සේ අණකළ සියල්ල ලෙස ශුද්ධස්ථානයේ මෙහෙයේ සියලු ආකාර කර්මාන්ත කරන හැටි දැන ගන්නා පිණිස ස්වාමීන්වහන්සේ විසින් ප්‍රඥාවත් බුද්ධියත් දෙනලද්දාවූ නැණවත් සිත් ඇති සියල්ලන්ද වැඩකරනවා ඇතැයි කීවේය.


නුමුත් ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද උන්වහන්සේ දරන්ට අනවකාශව තිබෙද්දී උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට කාට පුළුවන්කම තිබේද? උන්වහන්සේ ඉදිරියෙහි සුවඳදුම් ඔප්පුකිරීමට මිස උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට මම කවරෙක්ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්