Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 6:16 - Sinhala Revised Old Version

16 ඔහු ගෘහයේ ඉතා ඇතුල් කොට්ඨාසයෙන් රියන් විස්සක් දිගට බිමෙහි සහ භිත්තිවලත් කිහිරි ලෑලි ඇල්ලුවේය. ඇතුළතින් ඔහු ඒක දිව්‍ය-වාක්‍යස්ථානයක් වන අති ශුද්ධස්ථානය කොට සෑදුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ඔහු මාලිගාවේ ඇතුළේ අන්තිම කොටසෙන් මීටර් නවයක් දිගට බිම සිට සීලිම දක්වා කිහිරි ලෑලි අල්ලා, වෙන් කොට ඒ ඇතුළු කොටස දිව්‍ය-වාක්‍යස්ථානයක් වූ අතිශුද්ධස්ථානය කොට සෑදුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ඔහු මාලිගාවේ ඇතුළේ අන්තිම කොටසෙන් මීටර් නවයක් දිගට බිම සිට සීලිම දක්වා කිහිරි ලෑලි අල්ලා, වෙන් කොට ඒ ඇතුළු කොටස දිව්‍ය-වාක්‍යස්ථානයක් වූ අතිශුද්ධස්ථානය කොට සෑදුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 6:16
13 හුවමාරු යොමු  

ඔහු අති ශුද්ධ ගෘහයක් සෑදුවේය; ඒකේ දිග ගෘහයේ පළල ලෙසම විසි රියනක්ය, ඒකේ පළලත් විසි රියනක්ය. ඔහු එය හොඳ රන් තලෙන්ත හසියයකින් පමණ වැසුවේය.


පූජකයෝ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අති ශුද්ධස්ථානය වන ගෘහයේ දිව්‍ය-වාක්‍යස්ථානයට ගෙනැවිත් කෙරුබ්වරුන්ගේ පියාපත් යට ඒකේ ඉඩමෙහි තැබුවෝය.


ඊට ශුද්ධස්ථානයයි කියනලදී. දෙවෙනි තිරය ඇතුළෙන් අති ශුද්ධස්ථානයයයි කියනලද මණ්ඩපය තිබුණේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: නුඹේ සහෝදරවූ ආරොන් නොනස්නා පිණිස තිරය ඇතුළතින් ශුද්ධස්ථානයෙහි පෙට්ටිය පිට තිබෙන කරුණාසනය ඉදිරියට නිතරම ඇතුල් නොවන ලෙස ඔහුට කියන්න. මක්නිසාද මම කරුණාසනය මතුයේ වලාකුළෙහි පෙනෙන්නෙමි.


ඒ මිම්මෙන් විසිපන් දහසක් දිගද දසදහසක් පළලද ඇති ඉඩමක් මනින්න. ඒක තුළ ශුද්ධස්ථානය වන අති ශුද්ධස්ථානය වන්නේය.


ඔහු මාලිගාවත් දිව්‍ය-වාක්‍යස්ථානයත් වටකරින් ගෘහයේ භිත්ති වටේට ගෘහයේ භිත්තියට යාකර මහල් ගොඩනගා වටේට කාමර සෑදුවේය.


මණ්ඩපයේ පසු පැත්තෙහි කොන්වලට ලෑලි දෙකක් සාදන්න.


ඊට ඉදිරිපිටවූ ගෘහය එනම් මාලිගාව සතළිස් රියනක් දිගය.


ඔහු විනිශ්චයකරන පිණිස සිංහාසනයේ ශාලාව වන අධිකරණ ශාලාවත් සෑදුවේය. එය බිම පටන් උඩ තට්ටුව දක්වා කිහිරි ලීවලින් වසන ලද්දේය.


ඔහු මාළිගාවට ඉදිරිපිටින් ඒකේ දිගට රියන් විස්සක්ද පළලට රියන් විස්සක්ද මැන: මෙය අති ශුද්ධස්ථානයයයි මට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්