Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 5:6 - Sinhala Revised Old Version

6 එබැවින් ලෙබනොන්හි කිහිරි ගස් මට කපා දෙන්ට අණකළ මැනවි; මාගේ වැඩකාරයෝ ඔබගේ වැඩකාරයින් හා සමඟ වන්නෝය; ඔබගේ වැඩකාරයන්ගේ කුලී ඔබ කියන ප්‍රකාරයටම ඔබට දෙන්නෙමි. මක්නිසාද ශීදොන්වරුන් මෙන් ලී කපන්ට දන්න කෙනෙක් අප අතරේ නැති බව ඔබ දන්නෙහියයි කියා ඇරියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එබැවින් ලෙබනොන් දේශයෙන් කිහිරි ගස් කපා මට දෙන්න අණ කළ මැනව. මාගේ වැඩකාරයෝ ඔබේ වැඩකාරයන් සමඟ සිටින්නෝ ය. ඔබේ වැඩකාරයන්ගේ කුලී ඔබ කියන ප්‍රකාරයට ඔබට දෙන්නෙමි. මන්ද, සීදොන් නගරවාසීන් මෙන් ලී කපන්න දන්න අය අප අතර නැති බව ඔබ දන්නෙහි ය”යි කියා යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 එබැවින් ලෙබනොන් දේශයෙන් කිහිරි ගස් කපා මට දෙන්න අණ කළ මැනව. මාගේ වැඩකාරයෝ ඔබේ වැඩකාරයන් සමඟ සිටින්නෝ ය. ඔබේ වැඩකාරයන්ගේ කුලී ඔබ කියන ප්‍රකාරයට ඔබට දෙන්නෙමි. මන්ද, සීදොන් නගරවාසීන් මෙන් ලී කපන්න දන්න අය අප අතර නැති බව ඔබ දන්නෙහි ය”යි කියා යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 5:6
20 හුවමාරු යොමු  

කිහිරි ලීද දේවදාර ලීද හඳුන් ලීද ලෙබනොන්හි සිට මා වෙත එවුව මැනවි. මක්නිසාද ඔබගේ මෙහෙකරුවන් ලෙබනොන්හි ලී කපන්ට දක්ෂ බව දනිමි; මාගේ මෙහෙකරුවන් ඔබගේ මෙහෙකරුවන් සමඟ සිටිනු ඇත.


ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.


නුමුත් අපෙන් එක් එක්කෙනාට ක්‍රිස්තුස්වහන්සේගේ දීමනාවේ ප්‍රමාණයේ හැටියට අනුග්‍රහය දෙනලද්දේය.


කාටවත් නපුරට නපුර නොකරන්න. සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ශෝභන දේ කරන්ට සිතට ගන්න.


ස්වාමීන්ගේ ශබ්දය කිහිරිගස් බිඳියි; එසේය, ස්වාමීන්වහන්සේ ලෙබනොන්හි කිහිරිගස් කැබෙලිකොට බිඳිනසේක.


තවද ඔව්හු ගල් වඩුවන්ටත් වඩුවන්ටත් මුදල්ද පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගෙන් තමුන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට මුහුදෙන් යොප්පාවට කිහිරි ගස් ගෙනෙන පිණිස ශීදොන් වැසියන්ටත් තීර් වැසියන්ටත් කෑම බීම හා තෙල්ද දුන්නෝය.


මම ලී කපන්නන් වන ඔබගේ මෙහෙකරුවන්ට හෝජන පිණිස තිරිඟු කෝර විසි දහසක්ද යව කෝර විසි දහසක්ද මුද්‍රිකපාන බාත් විසි දහසක්ද තෙල් බාත් විසි දහසක්ද දෙන්නෙමියි කියා යැවීය.


ඇතුළතින් දිව්‍ය-වාක්‍යස්ථානයේ දිග විසි රියනක්ය, පළල විසි රියනක්ය, එහි උසත් විසි රියනක්ය; ඔහු එය අනර්ඝ රනින් වැසුවේය. පූජාසනය ඔහු කිහිරි ලීවලින් වැසුවේය.


ඔහු ගෘහයේ ඉතා ඇතුල් කොට්ඨාසයෙන් රියන් විස්සක් දිගට බිමෙහි සහ භිත්තිවලත් කිහිරි ලෑලි ඇල්ලුවේය. ඇතුළතින් ඔහු ඒක දිව්‍ය-වාක්‍යස්ථානයක් වන අති ශුද්ධස්ථානය කොට සෑදුවේය.


කානාන්ට දාව තමාගේ කුලුඳුලාවූ ශීදොන්ද හෙත්ද


හීරාම් සාලමොන්ගේ වචනය අසා ඉතා ප්‍රීතිවී: ඒ මහත්වූ සෙනඟ ආණ්ඩුකරන පිණිස ප්‍රඥාවන්ත පුත්‍රයෙකු දාවිත්ට දුන්නාවූ ස්වාමීන්වහන්සේට අද ප්‍රශංසා වේවයි කීවේය.


හීරාම්ද මුහුදේ කාරණා දන්නාවූ නැව්කාරයින් වන තමාගේ සේවකයන් සාලමොන්ගේ සේවකයන් සමඟ ඒ නැව්වල යැවුවේය.


මක්නිසාද ශීදොන්වරුද තීර්වරුද කිහිරි ලී බොහෝසෙයින්ම දාවිත් ළඟට ගෙනාවෝය.


මමද: නුඹලාට හොඳව පෙනේනම් මාගේ කුලිය දෙන්න; නැත්නම් නොදී සිටින්නැයි ඔවුන්ට කීවෙමි. ඔව්හු මාගේ කුලිය වන රිදී තිහක් කිරාදුන්නෝය.


බොහෝ අශ්වයන් ඔහු විසින් සපයා නොගත යුතුය, බොහෝ අශ්වයන් සපයාගන්න පිණිස සෙනඟ මිසරයට හැරීයන්ට නොසැලැස්විය යුතුය. මක්නිසාද: නැවත මේ මාර්ගයෙන් තවත් හැරී නොයන්නැයි ස්වාමීන්වහන්සේ නුඹලාට කීසේක.


සාලමොන් සන්තකවූ සියලු ගබඩා නුවරවල්ද රථවලට නුවරවල්ද අසරුවන්ට නුවරවල්ද සාලමොන් යෙරුසලමෙහිත් ලෙබනොන්හිත් තමාගේ ආණ්ඩුවට අඩංගුවූ මුළු දේශයෙහිත් තමා සතුටුවූ ප්‍රකාර ගොඩනගන්ට කැමතිවූ සියල්ලද ගොඩනැගුවේය.


සාලමොන් වනාහි රථ සහ අසරුවන්ද එක්කාසු කරගත්තේය. ඔහුට රථ එක්දහස් හාර සියයක් තිබුණේය, අසරුවන් දොළොස් දහසක්ද සිටියෝය, රජ ඒවා රථ නුවරවලද තමා ළඟ යෙරුසලමේද තැබුවේය.


තවද සාලමොන් රථද අසරුවන්ද රැස්කරගත්තේය. ඔහු එක්දාස් හාරසියයක් රථද දොළොස් දහසක් අසරුවන්ද ඇතුව සිටියේය. ඔහු ඒවා රථ-නුවරවලද රජු ළඟ යෙරුසලමෙහිද තැබුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්